එක්සත් ජාතික පක්ෂයේ අභිනව නිලධාරී මණ්ඩලය අද උදැසන යෙදුනු සුබ මොහොතින් තම නිල වශයෙන් තම පත්වීම් ලිපි වල අත්සන් තබමින් වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ ආගමික වතාවත් වලට මුලිකත්වය ලබා දෙමින්.
අනතුරුව දිවංගත එක්සත් ජාතික පක්ෂ නායකවරුන්ගේ පිලිරු වලට පුෂ්පෝපහාර දැක්වීමක්ද සිදු කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පවත්වා ඇති අතර කොරෝනා අවදානම හේතුවෙන් සීමාසහිත පිරිසක් කැඳවීමට පියවර ගෙන තිබු බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් මේ අවස්ථාව ට නව පත් වීම් ලැබූ නවීන් දිසානායක,අර්ජුන රණතුංග, සාගල රත්නායක සහ දයා ගමගේ යන මහත්වරුන් පැමිණ සිට නැහැ.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්රික නිලධාරීන් රැසකට අක්තපත්ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි