එක්සත් ජාතික පක්ෂයේ අභිනව නිලධාරී මණ්ඩලය අද උදැසන යෙදුනු සුබ මොහොතින් තම නිල වශයෙන් තම පත්වීම් ලිපි වල අත්සන් තබමින් වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ ආගමික වතාවත් වලට මුලිකත්වය ලබා දෙමින්.
අනතුරුව දිවංගත එක්සත් ජාතික පක්ෂ නායකවරුන්ගේ පිලිරු වලට පුෂ්පෝපහාර දැක්වීමක්ද සිදු කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පවත්වා ඇති අතර කොරෝනා අවදානම හේතුවෙන් සීමාසහිත පිරිසක් කැඳවීමට පියවර ගෙන තිබු බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් මේ අවස්ථාව ට නව පත් වීම් ලැබූ නවීන් දිසානායක,අර්ජුන රණතුංග, සාගල රත්නායක සහ දයා ගමගේ යන මහත්වරුන් පැමිණ සිට නැහැ.


අත නොහැර කියවන තැන
ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කරයි
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල සිටි ඇනකොණ්ඩා පැටවා අතුරුදන්