Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එජාපයේ තනතුරු රැසක් අලුත්වෙයි!! රවීගේ තැන අකිලට – රනිල් එතනම

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම්ක් අද පෙරවරුවේ පැවැත්වුණා.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ තනතුරු රැසක් වෙනස්කම් සිදුවී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය පාලිත රංගේ බණ්ඩාර මහතාට හිමි වුණා.

රවි කරුණානායක මහතා දැරූ පක්ෂයේ උප නායක ධූරය හිමිවුයේ අකිල විරාජ් කාරියවසම් මහතාටයි.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වරුන් ලෙස ඩී එම් ස්වාමිනාදන් සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් පත්කර තිබෙනවා.

වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයෙන් සභාපති වරයා ලෙස පත් කර තිබෙනවා.

මීට අමතරව පක්ෂයේ උප සභාපති තනතුරු තුනක් සඳහා ද පුද්ගලයින් පත් කිරීම අද සිදුකෙරුණා.

දයා ගමගේ, සාගල රත්නායක සහ සුනේත්‍රා රණසිංහ යන මහත්ම මහත්මීන් උප සභාපතිවරුන් ලෙස පත් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ අභිනව නියෝජ්‍ය මහ ලේකම්වරයා වන්නේ නාලක කොලොන්නේ මහතායි.

පක්ෂයේ භාණ්ඩාගාරික තනතුර ඒ එස් එම් මිස්බා මහතාට හිමි වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ සහකාර ලේකම් ධුරය හිමිව තිබෙන්නේ අනෝමා ගමගේ මහත්මියටයි.

ප්‍රතිපත්ති සහ සමීක්ෂණ අංශයේ සභාපතිවරයා ලෙස ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා පත්කිරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමි වුණා.

නීති ලේකම් තනතුරේ තවදුරටත් කටයුතු කරන්නේ නිශ්ශංක නානායක්කාර මහතායි.

ජාත්‍යන්තර කටයුතු , පළාත් පාලන ආයතන සහ නියෝජිතයින් පිළිබඳ කමිටුවේ ලේකම් ධුරය හිමිව තිබෙන්නේ සන්දිත් සමරසිංහ මහතා හටයි.

මූල්‍ය කමිටු සභාපති ධුරය ආනන්ද කුලරත්තන මහතා හට හිමිවුණා.

මහලේකම් ධුරයේ කටයුතු කළ ශමල් සෙනරත් මහතා සිරිකොත පක්ෂ මුලස්ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය රුවන් විජයවර්ධන මහතා විසින් දරන අතර ජාතික සංවිධායක ලෙස නවීන් දිසානායක මහතා නම් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු තම තනතුර භාර ගන්නා බව නොගන්නා බව තීරණය කිරීමට කල් ඉල්ලා ඇති බව සදහන්.

එමෙන්ම අද දිනයේද එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කිසිදු වෙනසක් සිදුවී නොමැති අතර රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරේම ඉදිරියටත් කටයුතු කරනු ඇති.

ඒ 2023 දක්වා ඔහුට පක්ෂ නායකත්වයේ රැදී සිටීම සඳහා 2019 වසරේ එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයේදී සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ලද අනුමැතියට යටත්වයි.