Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහ බැංකුවෙන් බැංකු වලට නියෝගයක්

ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම ණය උපකරණ හා බැංකු තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොළී අනුපාතික සම්බන්ධයෙන් බලපත්‍රලාභී බැංකු වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ණය කාඩ්පත්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා සහ උකස් පහසුකම් මත පනවා තිබු උපරිම පොළී අනුපාතික සදහා සීමා (Upper cap) පනවමින් 2020 අගෝස්තු 21 දින නිකුත්කර තිබු නියෝගය මෙම නව නියෝගයත් සමග අවලංගු වී තිබෙනවා.

ඒ අනුව ණය පොළී සීමා අහෝසි වනු ඇති බවත් ක්‍රෙඩිට් කාඩ්පත් සදහා අදාළ වන නව පොළී අනුපාතිකය කොපමණද යන වග මීළග බිල් දිනයේදී දැනගත හැකි බවද අදාළ නිවේදනයේ සදහන් වනවා.

එසේම බැංකු පද්ධතිය වෙත තැන්පතු ආකර්ෂණය කර ගැනීම සදහා තැන්පතු සදහා ලබාදෙන පොළී අනුපාතික ප්‍රමාණවත් වන පරිදි ගලපන ලෙසද මහා බැංකුව දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,