Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නුපන් දරුවනුත් චීනයේ ණය කරුවන් කළ ‘නෙළුම් කුළුණු’ කෙරුවාවේ ආදයම බින්දුවයි – ණය පොලිය පමණක් වසරකට මිලියන 560 ක්

රටේ නුපන් දරුවන් පවා චීනයේ ණය කරුවන් බවට පත් කරමින් චීන එක්සිම් බැංකුවෙන් රුපියල් කෝටි 1880ක පමණ ණය මුදලක් ලබාගෙන ඉදිකළ ‘නෙළුම් කුළුණ’ ඉකුත් 2019 සැප්තැම්බර් මස 16 වන දින විවෘත කළත් ඉන් මේ දක්වා කිසිදු ආදායමක් ලබාගැනීමට හැකි වී නැති බව අනාවරණය වනවා.

මේ සඳහා ලබා ගත ණය මුදල පියවීමට අමතරව මෙම ණය මුදලට අදාළව වසරකට පොලිය පමණක් රුපියල් මිලියන 560ක් පමණ ගෙවීමට සිදුව ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් තමන් සමග පැවසු බව මව්බිම පුවත්පත අද වාර්තාකර තිබෙනවා.

දකුණු ආසියාවේ ඇති උස ම කුළුණ වන මෙය ලෝකයේ උස ම කුළුණු අතර 19 වන ස්ථානයේ තිබේ.

කැරකෙන අවන්හලකින් (Rotate Restaurant) ද සමන්විත ‘නෙළුම් කුළුණ’ නැරඹීමට කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා දෙස් විදෙස් සංචාරකයන් නොපැමිණීම හේතුවෙන් මෙම කුළුණේ ආදායම් මාර්ග ඇහිරීගොස් ඇති බව පැවසෙනවා.

මෙම කුළුණ සන්නිවේදන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට සැලසුම් කර තිබූ අතර එහි ඇති මහල් කුලියට දීමේ කටයුතු ද මෙතෙක් සාර්ථකව සිදුවී නැතැයි හෙතෙම කීය.

මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීමට දින දෙක තුනක් ම උත්සාහ ගත්ත ද ඔහුගේ කාර්යාලයීය දුරකතන විමසීම්වලට කිසිවකුගෙන් පිළිතුරක් මව්බිමට ලැබී නැහැ.

©මුලාශ්‍රය – මව්බිම පුවත්පත