Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ක්‍රිකට් කෙළියට යවපු අය ගියේ රති කෙළියටද ? ලංකාවේ ක්‍රිකට් විනයත් නැත්තට ම නැති වෙයි

මේ දින වල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් ඇසෙන කතා ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය විනාශ කිරීමට හේතු වී තිබේ.

වාර්තා වන ආකාරයට කණ්ඩායමේ එක ක්‍රීඩකයෙකු තම අසමත් වූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක ප්‍රතිපල ව්‍යාජ ලෙස සකසා සංචාරයක් සඳහා ඉදිරිපත් වී ඇත.

තවත් ක්‍රීඩකයෙකු සහ වෛද්‍යවරියක අතර තම රාජකාරී කාලය තුල විනය විරෝධී ලෙස පැවති අයුතු සම්බන්ධයක් ගැන කරලියේ උණුසුම් කතාබහක් නිර්මාණය වී ඇත.

තවත් සිද්ධියක් වාර්තා වන්නේ ක්‍රීඩකයෙකුගේ බිරිදක් නිසා ක්‍රිකට් එපා වී යන ක්‍රීඩකයෙකුගේ පුවතකි.

ඔහුට ප්‍රතිචාර දක්වන අනෙකා පවසන්නේ හොර අඹුවක් සමඟ නිදිවදින්නට නොදුන් නිසා අදාළ ක්‍රීඩකයා අරෝවක් පිරිමහන බවය.

කතාවල ඇත්ත නැත්ත අපි දන්නේද නැත. අදාලද නැත,

කතා හදන්නේ යම් අර්බුදයක් අභ්‍යන්තරය තුල පවතින නිසා බව පමණක් ඕනෑම ටිකිරි මොළයකට අවබෝධ වේ.

මේ යන විදියට ක්‍රිකට් ගැහිල්ලෙන් පමණක් නොව කට කතා , ඕප දුප කතා වලින් ලංකාවේ ක්‍රිකට් බින්දුවටම වැටී තිබේ.

එදා තිබු විනය, කණ්ඩායම් හැගීම අද ක්‍රිකට් ක්‍රීඩකයන් අතර නැත.

ලංකාව ලෝකයේ බැබලෙන්නේ තේ නිසාය, තේ හැරුණු විට ඉතිරිව තිබුණේ ක්‍රිකට් ය .

දැන් ඉතින් ක්‍රිකට් ගැන කියා බැබලෙන්නට ගියහොත් වන්නේ වැලලෙන්නටය .

නාමල් රාජපක්ෂ නම් තරුණ ක්‍රීඩා ඇමතිවරයාට මේ අභියෝගය ජය ගන්නටම සිදුව තිබේ.

නැතිනම් සිදුවන්නේ ක්‍රිකට් කෙලියේ ආනුභාවයෙන් ක්‍රීඩා ඇමැතිවරයාටද පජාත වන්නටය.

හොදින් හෝ නරකින් ලංකාවේ ක්‍රිකට් සුද්දකර ගත යුතුමය.

නැත්නම් තව ටික දවසකින් ලංකවේ ක්‍රිකට් වෙනුවට ගහන්නට වන්නේ ගමේ බාසාවෙන්ම කියන විදියට ඇට බෝලය..