Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සියලු දෙනාම විශේෂඥ මතයට ගරු කරමු – භුමදනය ද? අදාහනය ද? ගැටලුව ගැන මල්වතු පාර්ශ්වය කතා කරයි

මෙම ගැටලුව මහා උභතෝකෝටිකයක් කර නොගෙන සියලු දෙනාම විශේෂඥ මතයට ගරු කරමින් කටයුතු කිරීම කළ යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසනවා.

උන්වහන්සේ සදහන් කරන්නේ සියලු දෙනාම එකම රටක පුරවැසියන් ලෙස සිතමින් මෙම අභියෝගයට මුහුණ දිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විශේෂඥයින් 30 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් රජය විසින් පත්කර ඇති අතර සියලු දෙනා එම විශේෂඥ මතයට ගරු කරමින් කටයුතු කළ යුතු බවද උන්වහන්සේ අවධාරණය කරනවා.

මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි