Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එක ජාතියක් පොදු සම්මතයට පිටුපෑම ගැන කනගාටුවෙනවා – අදාහනය ද? භූමදානය ද? ගැටලුව ගැන අස්ගිරි පාර්ශවය කතා කරයි

කොරෝනා හේතුවෙන් මිය පුද්ගලයන්ගේ දේහයන් භූමදානය කළ යුතු බවට ඇතැමුන් සිදු කරන ප්‍රකාශ පසුපස තිබෙන්නේ පටු දේශපාලන වාසි ලබා ගැනීමේ උත්සාහයන් පමණක් බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ සාමාන්‍ය ජනතාව උසිගන්වා එය සමාජයේ ආගමික ප්‍රශ්නයක් බවට පත් කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සහ දරන බවයි.

එමෙන්ම පවතින අවදානම් සහගත වාතාවරණය හමුවේ බෞද්ධ,කතෝලික,හින්දු යන සියලු ආගම්වල ජනතාව රටේ පවතින පොදු නීතිය පිළිපදිමින් සහ එයට ගරු කරමින් සිටින මොහොතක තවත් ජන කොට්ටාශයක් රටේ පවතින පොදු නීතියට සහ සම්මතයට ගරු නොකිරීම පිළබඳ තමන් වහන්සේ කනගාටුවන බවද අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පවසනවා.

අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි