Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මාමණ්ඩිය පැනගිය පසු ලොකු අයියා පොඩි මල්ලීගේ බෙල්ලට දැමූ තොණ්ඩුව !

ලොකු අයියා කිසිදා පොඩි මල්ලීගේ බෙල්ල හිරකරයි කියා ඔබ සිතන එකක් නැහැ. ඒ ලේ නෑයන්. අද මේ කතා කරන්නේ වෙනත් අයියා කෙනෙකු ගැන. කවුද මේ ලොකු අයියා ?

මේ ලොකු අයියා අපේ අසල්වැසියා වෙන ඉන්දියාව. පොඩි මල්ලී තමයි ශ්‍රී ලංකාව. මේ අයියාගේ විශේෂත්වය තමයි මල්ලී අමාරුවේ වැටෙනකන් බලාගෙන ඉන්නවා. නැතිනම් අමාරුවේ වැටෙන විදිහට පාර කපනවා. කියන්නට අවශ්‍යයි මෙය නම් සිදුවන්නේ මලයාගේ තිබෙන තකතීරු උද්දච්ච කම නිසාමයි කියන එකත්. අවසානයේ මලයාට යන එනමන් නැති වෙනකොට අයියන්ඩී කියනවා අපේ අසල්වැසියා බලා කියාගැනීම අපේ වගකීම කියමින් ඉදිරිපත් වී මලයාගේ බෙල්ල හිරකොට ඔහුගේ බඩ වියත හොරාකනවා.

ඒ වගේම, ලොකු මාමා වන්නේ චීනයයි. මාමා ගේ වෙනස, බෑනා අමාරුවේ වැටෙන බව දැක සැනින් පැන යනවා. බෑනා හොඳින් සිටින වෙලාවට බලෙන් මෙන් පැමිණ උදවු කරන මුවාවෙන් උම්මා දෙමින් සිට, හදිසියේම ඇට්කෙහෙල් කෑ මලයාට ශරීරකෘතිය කරගැනීමට නොහැකිව කෑ මොර දෙනවිට හිමින් සීරුවේ පැන යනවා. පැනගොස් හැංගී බලා සිටින ගමන් වෙනත් පරණ බෑනාවරුන් බැහැදැකිමින් අමාරුවේ වැටී සිටින ලොකු බෑනාට කෝචොක් කරනවා. මාමගේ උපක්‍රමය තමයි බෑනාට බලෙන් ණය දෙන එක. අන්තිමට ණය ගෙවා ගැනීමට නොහැකිව මලයාට මලබද්ධය හැදුන විට හිලව්වට දේපළ ලියාගැනිම. හැබැයි බෑනා අමාරුවේ වැටුණ ගමන් මාමා මගහරිනවා. ඔවුන් පාකිස්තානයට ඩොලර් බිලියන 46 ක ණය දී අවසානයේ ඉම්රාන් ඛාන් අතරමං කොට ඔහුව අතහැර ගියෙත් මේ ආකාරයටයි . අවසානයේ ඔහුට රුසියානු සහාය පතන්නට සිදුවුණේ ඔය අතරයි. එමෙන්ම සැම්බියාව , කෙන්යාව වැනි රටවලටත් ඔවුන් ඒ දේම කලා. බලෙන් ණය දී ගෙවාගැනීමට නොහැකි වන විට දේපළ ලියාගත්තා.

ලොකු අයියා කලින් දී තිබූ ඩොලර් බිලියන 2 කට ආසන්න ණය මුදලට අමතරව පසුගිය මාස කිහිපයේ අපිට ඉඳහිට තෙල් නැවක්, බෙහෙත් ටිකක් , කෑම බඩු ටිකක් ලබල දුන්නා. හැබැයි ණයට. මේ වෙනකොට ඩොලර් බිලියන 1.5 කට ආසන්න මුදලක් වාරික කිහිපයකින් භාණ්ඩ වලින් ලබා දුන්නා. සල්ලි වලින් නම් ඩොලර් ශතයක් වත් දුන්නේ නැහැ. මොකද අයියා දන්නවා සල්ලි දුන්නොත් මලයාගේ පාලක පවුලේ එවුන් හොරා කනවයි කියලා. දැන් මුළු ලෝකෙම දන්නවා ලංකාවේ පාලක පවුලේ එව්වෝ සෝමාලියානු කොල්ල කරුවන්ටත් වඩා සූක්ෂම හොරු රැලක් කියලා. අයියා කලේ ණය දෙන්න කලින් මුලින්ම මලයාගේ දේපළ එකින් එක ලියාගත්ත. මුලින්ම ඩොලර් මිලියන 500 දීල ත්‍රීකුණාමල තෙල් ටැංකි 99 ලියාගත්තා. තව මිලියන 200 දීල කිව්ව අපිට ඕනේ උතුරේ දූපත් තුනක් කියලා . ඊට පස්සේ තව 500 දෙන්නම් පූනරීන් සහ මන්නාරම සුලං සහ සූර්ය විදුලි බලාගාර දෙකක් ඉදිකිරීමට ඉඩම් ඕනේ කියල. පූනරීන් පමණක් ඉඩම් අක්කර 15000 කට වැඩි භූමි ප්‍රදේශයක් අයියට ලියල දෙන්න එකඟවුනා. තව මිලියන 300 ක වගේ තෙල් සහ බෙහෙත් දුන්නා. තව පොහොර දෙන්නම් කියලා මිලියන 65 එක්සිම් බැංකුවෙන් ණයක් දුන්නා . ඔය අතරේ දකුණු ඉන්දියාවේ ස්ටාලින් පොඩි අයියා දවසක් මෝදී ලොකු අයියව චෙන්නායි වලට ගෙන්නගෙන කියනවා දැං ලංකාවේ මලය හතරගාතේ දාල වැටිල ඉන්නේ , කොහොම හරි කච්චතිව් අපිට ලියල දෙන්න කියලා . ලොකු අයියා එවෙලේ මොකවත් නොකිව්වත් තමිල්නාඩුවේ ඡන්දය එන කාලෙට ඕක ලංකාවේ මලයට තග දාල ලියා ගන්නවා මොකද අයියගේ BJP පක්ෂෙට පොඩි අවුලක් වෙන ගතියක් තියෙනව අදානි සහ අම්බානී කියන කොල්ලකාරී ඉන්දියානු කූඨ ව්‍යාපාරිකයෝ දෙන්නත් එක්ක මෝදී අයියගේ තිබෙන ඩීල් නිසා. ඔය අතරේ අගමැති රනිල් මල්ලියි , බාලාංශ කාංචනා මල්ලියි දෙන්න ලංකාවේ අපිට තව මිලියන 500 හම්බ වෙනවා, එතකොට ජූලි මාසේ තෙල් ප්‍රශ්නය විසෙඳෙනවා භය වෙන්න එපා කියලා ට්විටර් පණිවිඩ හිටු කියලා ලිව්වා. දීපු මිලියන 500 ක් නැහැ . කාංචන මලයා බොරු කාරයෙක් කියලා එයාම පිළිගත්තා වගේ ඊයේ මම දැක්කා. ඒත් ඉන්දියාව කිව්වා ඔයහැටි ණය දෙන්ඩ බැහැ අපිට සාකච්ඡා කරන්න ඕනේ ඔහෙලත් එක්ක කියලා .

මලයාගේ බෙල්ල හොඳටම හිරකරන්න බලාගෙන සිකුරාදා වේලාසනම ඉන්දියාවේ විදේශ ලේකම් සමග තවත් නිළධාරීන් දෙන්නෙක් හදිසියේම විශේෂ ගුවන් යානයකින් කඩාගෙන ආව. ඇවිල්ලා කිවිවා ලොකු අයියට මල පැනල තියෙන්නේ , ඉක්මනින්ම ඔහෙලා දෙනව කිව්ව ව්‍යාපෘති , අනුමැතීන්, ඉඩකඩම් මැනුම් කටයුතු ඉවර කරල, පැවැරුම් නොකොලොත් ආයි මොනවත් අපෙන් බලාපොරොත්තු වෙන්න එපා කියලා. ලොකු මල්ලි කිව්වා කලබල වෙන්න එපා අපි ඒ ටික දෙන්නම්, අනේ අපිට මිලියන 500 ක තෙල් ටිකක් ණයට දෙන්න කියලා. අපි මෙහෙම කරමු එහෙනම් කියලා අපිට ලියල දෙන්න ලංකාවේ තෙල් ආනයනය , බෙදාහැරීම , පිරිපහදුව , ගබඩා කිරීම , සහ අලෙවිය 100% ක අයිතිය. ඒ අනුව ලංකාවේ සියළු සිපෙට්කෝ තෙල් ගබඩා 1100 වහාම ඉදිරි දින කීපය තුල ඉංදියාවට ලියාදීමට අනුමැතිය සඳහා හදිසි කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට දාන්න කියලා . ඒ අනුව කාංචනා ඇමැති ලියාගෙන හිටපු කැබිනට් පත්‍රිකාව හෙට ඉදිරිපත් කරනවා.

මෙය තමයි නයෝමි ක්ලේන් (Naomi Claine ) ප්‍රකාශ කරන ආපදා ධනවාදය (Disaster Capitalism ) කියන්නේ . රටේ මිනිසුන්ට කරකියා ගත නොහැකි තත්වයකට ක්‍රමානුකූලව කාලයක් තිස්සේ සංවර්ධනය කරමින් පැමිණ , අවසානයේ මොන බඩකඩෙත්තුවක් විකුණා හෝ අපිට තෙල් ටික දියව් කියන තත්ත්වයට පත්කොට රටේ දේපළ විකුණා දැමීම. අමෙරිකාවේ සහ ඉන්දියාවේ නිර්දේශය මත අගමැති පුටුවේ වාඩි කල දේපළ වෙන්දේසිය තම එකම පාලන ක්‍රමය කරගත් රනිල් වික්කම සිංහ ඉන්දියානු ලොකු අයියාගේ උවමනා එපාකම් ඉතා හොඳින් ඉටුකර දෙමින් සිටිනව ඔබලාට පේනවා ඇති. ඔහු දන්න වෙන කෙන්ගෙඩි රාජ්‍ය පාලනයක් නැත.

ඔබලා බලාගෙන ඉන්න. මීලඟට ගෑස් සැපැයුම , විදුලිය , සහ වරායේ රජය සතු නැගෙනහිර සහ ජයා බහාලුම් ජැටිය විකිණීමට පිඹුරුපත් සැකසෙමින් තිබේ. මේ සියල්ල ඉන්දියාව සහ අමෙරිකාව අත්පත් කරගනු ඇත. රටේ ජනයා නිර්වින්දනයට ලක්කොට මොවුන් සිත්සේ රටේ මූලෝපායිකව වැදගත් මර්මස්ථාන (Strategically Important ) මේ ආකාරයට විදේශයන්ට විකුණාගෙන කමින් සිටී. රටේ ජනයා වගේ වගක් නැතිව කුස්සියේ විලාපයන් නගිමින් සිටී.

ජනයිනි, දැං නුඹලාගේ බෙල්ලට දමා ඇති තොන්ඩුව හිරකිරීමට ඉතා ආසන්නයි. මේ දුෂ්ඨ පාලකයන් පන්නා දැමීමට පෙරට වරෙල්ලා. නුඹලාට අන් රටක් යටතේ ජීවත් වීමේ ආදිනව දැනෙන්නට වැඩි කල් නොයනු ඇත . මේ රට නුඹලාගේ මතු පරම්පරාවට ඉතුරු කොට තැබීම නුඹලාගේ යුතුකම සහ වගකීමයි . එම නිසා ඉදිරි දිනවල සංවිධානය වන කුමණ හෝ සටන් පෙරමුණකට සම්බන්ධ වී පොදු සතුරා වන මේ දුෂ්ඨ පාලකයන් පලවා හැරීමේ මහා සංග්‍රාමයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙයල්ලා………..

ශාන්ත ජයරත්න
ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
SLIDA