Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මයා දුන්නේ චක්‍රලේඛයක් එවයි : නැවතදැනුම් දෙන තුරු රාජ්‍ය සේවකයෝ ගෙවල් වල නවතයි

රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමා කරමින් දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නැවත වතාවක් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මීට පෙර පසුගිය 17 වනදා නිකුත් කළ චක්‍රලේඛයෙන් රජයේ සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කර තිබුණේ සති දෙකක කාලයක් සඳහා වන අතර නව චක්‍රලේඛය මගින් එය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්, එම්.එම්.පී.කේ මයාදුන්නේ මහතා විසින් නිකුත් කළ ආදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ පවතින ඉන්ධන හිඟයත් සමඟ ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේ දී මතුව ඇති දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ආයතන ප්‍රධානීන් තම ආයතනයේ එදිනෙදා රාජකාරි කටයුතු බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අවම කාර්යය මණ්ඩලය පමණක් සේවා ස්ථාන වෙත කැඳවිය යුතු බව දන්වා තිබෙනවා.

හැකි සෑම අවස්ථාවකදීම නිලධාරීන්ට නිවසේ රැඳීසිටිමට ඉඩදී ඔවුන්ගේ සේවය මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබාගැනීමට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරන ලෙසද අදාළ චක්‍රලේඛයෙන් ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා.

ඉන්ධන පිරිමසා ගතහැකි වන පරිදි නිලධාරීන්ගේ ගමන් බිමන් සීමා කළ යුතු අතර සියලු රැස්වීම් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීමට කටයුතු කළ යුතු බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්.

සම්පූර්ණ චක්‍රලේඛය පහතින්,