Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජරමර අස්සේ රජයේ පිරවුම්හල් ටිකත් පිටරටට විකුණයි : සැලසුම සුදානම්

ඉන්දියාව දැඩි බලපෑම්

ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සතු ඉන්ධන පිරවුම්හල් ඉන්ධන සැපයුම සඳහා විදේශීය සමාගම්වලට ලබාදීමට කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාපවසා තිබෙනවා.

මෙහිදී ඉන්ධන නිපදවන රටවල්වල සමාගම්වලට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බවත් එම සමාගම් මාස 6 ක් හෝ වසරක කාලයක් ඔවුන්ගේ මව් සමාගම්වලින් ණය ක්‍රමයකට ඉන්ධන ලබාගෙන සැපයීමෙන් ශ්‍රී ලංකාවට විදේශ මුදල් පිළිබඳව බරක් නොවිය යුතු බවත් ඔහු සඳහන් කර ඇති බවයි වාර්තාවන්නේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 1190 එම සමාගම්වලට 200 බැගින් හෝ ලබාදිය හැකි නම් ඉන්ධන ගැටලුවට විසඳුමක් වියහැකි බව කී අමාත්‍ය විජේසේකර මහතා ඉන්දියන් ඔයිල් සමාගම තවත් පිරවුම්හල් 50 ක් හෝ අලුතෙන් පිරවුම්හල් ස්ථාපිත කිරීමට හෝ අවස්ථාව ඉල්ලා ඇති බව ද සඳහන් කිරීම විශේෂත්වයක්.