Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බ්‍රිතාන්‍ය මඟ යන ජපන් කුමාරි.

වසර ගණනාවක වාද විවාදවලින් පසුව, ජපානයේ මාකෝ කුමරිය මේ මස දී ඇගේ පාසල් මිතුරෙකු වූ සාමාන්‍ය වැසියෙකු සමඟ විවාහ වෙමින් ඇගේ රාජකීය තත්ත්වය අත්හැරීමට තීරණය කර තිබේ.

මංගල උත්සවය ඔක්තෝබර් 26 දිනයේ දී පැවැත්වීමට නියම කර ගෙන තිබේ.

මෙම යුවළ 2018 දී විවාහ වීමට නියමිතව සිටි නමුත් කොමුරෝ මහතාගේ පවුලේ ආර්ථික දුෂ්කරතා පිළිබඳ සැල වූ පසුව මෙය නවතා දමා තිබිණි.

විවාහයෙන් පසු ඔවුහු කොමුරු මහතා නීතිඥයෙකු ලෙස සේවය කරන එක්සත් ජනපදයට යාමට බලාපොරොත්තු වෙති. මේ වන විට දේශීය මාධ්‍ය කුමරිය හා කොමුරු මහතාගේ ගමන් බිමන් සියල්ලක් ම පාහේ ආවරණය කරමින් සිටිති.

කුමරිය වටා ඇති අධික මාධ්‍ය ආවරණය (මන්දයත් ඇගේ පියා ඔටුන්න හිමි ෆුමිහිතෝ කුමරු ය.) සහ කොමුරෝ මහතාගේ පවුලේ ගැටලු හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ කුමරිය පශ්චාත් කම්පන මානසික ආතතියෙන් පෙළෙමින් සිටින බව එරට මාධ්‍ය පවසයි.

බ්‍රිතාන්‍ය රජ කුමරෙකු වූ හැරී කුමරු ද දැනට වසරකට පමණ පෙර මෙවැනි ම ආකාරයේ දැඩි තීරණයක් ගැනීමට උත්සුක විය.