Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඕස්ට්‍රේලියාව අරී.

එන්නත ලබා ගත් පුරවැසියන්ට සහ ඔවුන්ගේ ඥාතීන් දිගු කලක් තිස්සේ බලා සිටි නිදහස ලබා දෙමින් එළඹෙන නොවැම්බර් මාසයේ සිට ඕස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශසීමාව නැවත විවෘත කරනු ඇත.

 2020 මාර්තු මාසයේ සිට ඕස්ට්‍රේලියාව දැඩි දේශසීමා නීති කිහිපයක් පනවා තිබුණි. එරට ජනතාවට රට හැර යාම පවා තහනම් විය.

මෙම ප්‍රතිපත්තිය කොවිඩ් මර්දනය කිරීමට උදවු වූ නමුත් එය ආන්දෝලනාත්මක වශයෙන් පවුල් වෙන් කර තිබිණි.

“එහෙයින් ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ ජීවිතය නැවත ලබා දීමට කාලය පැමිණ තිබේ.” යැයි අගමැති ස්කොට් මොරිසන් පවසයි.

තම ප්‍රාන්තයේ එන්නත් කිරීමේ අනුපාතය 80% දක්වා ඉහළ ගිය පසු අදාළ ප්‍රාන්තයේ ජනතාව සංචාරය කිරීම සඳහා සුදුසුකම් ලබන බව ඔහු සහභාගී වූ මාධ්‍ය හමුවක දී පැවසිණි.

කෙසේ නමුත් විදේශිකයින් සඳහා රට තවමත් විවෘත නොවන අතර රජය කියා සිටියේ සංචාරකයින් නැවත අපේ වෙරළට සාදරයෙන් පිළිගැනීමට ඉක්මනින් ම කටයුතු කරන බවයි.

දැනට ඕස්ට්‍රේලියාවෙන් පිටව යා හැක්කේ අත්‍යවශ්‍ය රැකියා හෝ මිය යන ඥාතියෙකු බැලීමට වැනි සුවිශේෂී හේතූන් මත පමණි. එරට පුරවැසියන්ට සහ සෙසු අයට දැඩි නීති යටතේ රටට ඇතුළුවීමට අවසර ඇති නමුත් මෙම තත්ත්වය දස දහස් ගණනක් වැසියන් විදේශ රටවල් තුළ අතරමං කර තිබේ.