Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වන්නේ නෑ – WHO පවසයි.

සැප්තැම්බර් අවසානය වන විට කොවිඩ් -19ට එරෙහිව සිය ජනගහණයෙන් 10%ක් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීම සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්කය රටවල් 50කට වැඩි ප්‍රමාණයක් විසින් මග හැර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අප්‍රිකානු මහද්වීපය තුළ සම්පුර්ණයෙන්ම එන්නත ලබා ගත් සංඛ්‍යාව තවමත් 4.4%කි.

එක්සත් රාජධානියේ, මුළු ජනගහණයෙන් 66%කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර යුරෝපා සංගමයේ එය 62%ක් ද එක්සත් ජනපදයේ 55%ක් ද වෙයි.

එන්නත් ලබා දීම සහ සෞඛ්‍ය යටිතල පහසුකම් ගැටලු සමඟ පොරබදින රටවලින් බොහොමයක් අඩු ආදායම්ලාභී රටවල් ය.

යේමනය, සිරියාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය සහ මියන්මාරය වැනි සිවිල් නොසන්සුන්තාවයෙන් පීඩා විඳින අතර හයිටි වැනි රටවල් ස්වාභාවික විපත්වලට ගොදුරු වී තිබේ. ඇතැම් රටවල් තුළ නොනවතින ගැටුම් ය. මේ සියලු කාරණා හේතුවෙන් එන්නත් ලබා දීමේ කාර්යය ඉතා අසීරු වී ඇත.

බෙදා හැරීමේ ප්‍රමාදයන් සහ වෙනත් ගැටලු හේතුවෙන් එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළ අඩාල වී ඇති ධනවත් තායිවානය ද තවමත් 10%ට වඩා අඩු ය.

මීට මාස කිහිපයකට පෙර ගෝලීය වශයෙන් කොවිඩ් රෝගීන් අවම සංඛ්‍යාවක් වාර්තා කළ වියට්නාමය ද 10% ඉලක්කයට වඩා පහත වැටී ඇත.

අප්‍රිකානු මහද්වීපය තුළ 10%ක ඉලක්කය සපුරා ඇත්තේ රටවල් 54න් 15ක් පමණි. මහාද්වීපයේ රටවල්වලින් භාගයක් ම එන්නත් ලබා දී ඇත්තේ ජනගහණයෙන් 2%කටත් වඩා අඩු ප්‍රමාණයකට පමණි.

විශාල ජනගහණයකින් සමන්විත සමහර ඇතැම් රටවල් මෙම ඉලක්කයට වඩා බොහෝ සෙයින් පහත වැටී ඇත.  ඊජිප්තුව තුළ මුළුමනින්ම එන්නත් කර ඇත්තේ ජනගහණයෙන් 5%ක් පමණ වන අතර ඉතියෝපියාව සහ නයිජීරියාව 3%ටත් වඩා අඩු ය.

අප්‍රිකානු මහාද්වීපයට අයත් රටවල් දෙකක් එනම්, බුරුන්ඩි සහ එරිත්‍රියාව තවමත් එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීම ආරම්භ කර හෝ නොමැත.