Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ඔබ නොදත් දේ

  • ට්‍රම්ප් එක පාරක් කිව්වා එයාට ඕන වෙලාවක අනිත් රටවල්වලට බොරු කිය කියා ඇත්ත තත්ත්වය කොනිත්තලා බලන්න පුළුවන් කියලා. ඒ මොකද කියනවා නම්, කවුරු මොනවා කිව්වත් අන්තිමේ දී බලනකොට වැඩිපුර ම බඩු තියෙන්නෙත්, හොඳ ම ගොඩනැගිලි වගේ ම තැන් ටික තියෙන්නෙත් ඇමරිකාවෙ කියලා එයා හිතන නිසා ලු.
  • ට්‍රම්ප්ගේ අම්මා තාත්තා කොච්චර පොහොසත් වුණත් ඒ පවුලේ හැම ළමයාට ම සිද්ධ වුණා ලු තරුණ කාලෙ දී ම ඉස්කෝලෙන් පස්සෙ අමතර රස්සාවක් කරන්න. ඒ, තමන් හම්බ කරන සල්ලිවල වටිනාකම ළමයින්ට උගන්නන්න ඒ අම්මලාට ඕනෙ වුණ නිසා ලු.
  • ලොකු ඉස්කෝලෙ දෙවෙනි අවුරුද්දේ දී විතර ට්‍රම්ප්ගෙ සංගීත ගුරුතුමා “මේ යකා මොකට සංගීත කරන්න ආවද කියලා මට නම් තේරෙන්නේ නෑ” කියලා කම්මුල් පාරක් දුන්නා. අන්තිමේ දී ප්‍රශ්නෙ ඉවර වුණේ ට්‍රම්ප්ගේ පන්ති තහනම් කරලා. මොකද එයා තරහා ගිය පාර අර ගුරුවරයාගේ ඇහැක් නිල් වෙන්න ගහපු නිසා.
  • එක අතකට එයා පව්. මොකද පොඩි කාලෙ ඒ අම්මලා තමන්ගේ දරුවන්ට සෙල්ලම් කරන්න කිසි ම සුරතලෙක්, අඩු ම ගානෙ බලු පැටියෙක්වත් ගෙනත් දීලා නෑ. ලෝබකමකට නෙවෙයි, එක එක්කෙනා හිතන හැටි තමා.
  • ට්‍රම්ප් පොඩි කාලේ එක දවසක් තමනිගේ අයියාගෙන් බිල්ඩින් බ්ලොක්ස් වගයක් ඉල්ලගෙන උස බිල්ඩිමක් හදලා. ඊට පස්සෙ ශේප් එකේ ඒ ටික ඔක්කොම එකට තියලා බිල්ඩිම පිටින් ම අලවලා. එතකොට අර ඉල්ල ගත්තු කෑලි ටික ආපහු⁣ දෙන්න ඕනෙ නෑ නෙ. මහ කපටියෙක්.
  • ට්‍රම්ප් කොල්ලා කාලේ හරි මුරණ්ඩුයි. ඒ නිසා බැරි ම තැන දෙමාපියෝ එයා හමුදාවට යවලා, එතන දී වත් විනය හැදෙයි ද බලන්න.
  • ට්‍රම්ප් ඔහොම හිටියට හරි ආඩම්බරයි. එයා කියනවා ඒකට කමක් නෑ ලු. මොකද හැම අතිසාර්ථක මිනිහෙක් ම අනිවාර්යයෙන් තමන් ගැන ආඩම්බර වෙන්න ඕනෙ ලු. හැබැයි අපි නම් අහලා තියෙන්නේ වී කරල පැහෙන්න පැහෙන්න බිමට නැමෙනවා කියලා.
  • එයා කවදාවත් මත්පරන් පාවිච්චි කරන්නේ නැහැ. හේතුව වෙන මොකුත් නෙවෙයි. ට්‍රම්ප්ගේ අයියා ෆ්‍රෙඩී හැමදාම රෑට බීගෙන නටන පිස්සු විකාර දැකලා බොන එක එපා වුණු නිසා.
  • ට්‍රම්ප් හැමෝටම එක විදිහට සලකනවා වගෙ පෙන්නගෙන හිටියට, පහුගිය දවසක හොඳ පිස්සුවක් නැටුවා. එයා බැංකුවට ගිය වෙලාවේ දැකලා තියෙනවා කළු ජාතික සේවකයෝ තමන්ගේ සල්ලි අල්ල අල්ල ගණන් කරනවා කියලා. එයා ඒ වැඩේට කොහෙත්ම කරමති වෙලා නෑ. එයා කිව්වා ලු මේ දැන් ම කළු ජාතිකයෝ කරන වැඩේ නවත්තන්න ඕනෙ කියලා. ඔච්චරට ම සුදු ජාතිකයෙක් හොයා ගන්න බැරි නම් අඩුම තරමේ යුදෙව්වෙක් ලවාවත් ඒ වැඩේ කරවන්න කියලා එයා අණ කළා ලු. අපූරු ජනාධිපති.
  • එයා හරි බයයි කොණ්ඩෙ යනවාට. මොනවා කරන්නද ඉතින්, වයසත් එක්ක ගැලවිලා වැටෙනවා නේ. ඒක අනිත් පිරිමින්ට නම් දුක වුණත් සාමාන්‍ය දෙයක් වුණාට ට්‍රම්ප්ට එහෙම නෑ . එයා හිතාගෙන ඉන්නෙ කොණ්ඩෙ යන එක තමන්ගේ දුර්වලකමක් කියලා. ඒ නිසා එයා කොයි වෙලේත් ඉන්නේ කණ්ණාඩිය දිහා බල බලා, හූල්ල හූල්ල තමයි.
  • ට්‍රම්ප්ගේ රූපවාහිනී වැඩසටහනක් තියෙනවා නේ “ද ඇප්රෙන්ටිස්” කියලා. 2004 දී විතර එයා කියනවා, ඒ වැඩසටහනට ආපු හැම ගැහැනු කෙනෙක් ම ආව වෙලාවේ ඉඳලා උත්සහ කළේ ට්‍රම්ප් දැලේ දාගන්න ලු. එයා හරි ජනප්‍රිය නිසා ගෑනු ඉතින් එහෙම නොවුණොත් ලු පුදුමේ. අපොයි ඔව්, වැඩේමයි.
  • 2016 වෙනකොට කාන්තාවන් විසි හතරදෙනෙක් ට්‍රම්ප්ට විරුද්ධ ව අශෝභන ලිංගික පෙළඹවීම් යටතේ චෝදනා එල්ල කරලා තිබුණා.
  • එයා හරි අකැමැතියි ලු කාටවත් අතට අත දෙන්න, අනෙක් කෙනාගෙ අත්වල තියෙන විෂබීජ තමන්ගේ අතේ ගෑවෙයි කියලා. කොටින් ම ලිෆ්ට් එකට නැග්ගම බොත්තම ඔබන්නත් වෙන කාටහරි කියනවා ලු. ඇයි ඉතින් ඒවායේ විෂබීජ නෙ.
  • 1988 දී ට්‍රම්ප් මුහුදේ යන්න පාවිච්චි කරන පොඩි රුවල් නැවක් සල්ලිවල⁣ට ගත්තා. ඒක ලෝකේ ජනප්‍රියත්වය අතින් තුන්වෙනි තැන ගන්න, ලොකු ගාණක් වැය කරන්න සිද්ධ වුණ නැවක්. හැබැයි එයා අද වෙනකල් එක දවසකටවත් ඒක ඇතුළෙ රැයක් ගත කරලා නැහැ ලු. ට්‍රම්ප් කියන්නෙ එහෙම නිකම් ඉන්නකොට තමන්ට පිස්සු වගේ කියලා.
  • එයා තමන්ට ⁣බිරිඳක ඉන්නැද්දි ම නේ අර නිළියක් එක්ක යාළු වුණේ. මේ වෙනකොට කලින් විවාහය බිඳිලා තිබුණට ට්‍රම්ප් නම් කියන්නේ එයාගේ ජීවිතේ හොඳ ම කාලේ ඒ කාලේ කියලා. “එතකොට මට හොඳ වයිෆ් කෙනෙක් හිටියා, දරුවෝ හිටියා, ඒ විතරක් ද? ලස්සන ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් හිටියා නේ…”
  • එයා සතියට පැය අසූ පහක් වැඩ කරනවා ලු. නිදා ගන්නේ දවසට පැය හතරයි ලු.
  • ට්‍රම්ප්ට තිබුණා මස් කඩයක්. ඒත් ඒක 2015 දී වැහුවා. වැහුවා කියන්නේ  ඇත්තට ම, තහනම් කළා. ඒ කඩේ ආහාර පණතට අදාළ වගන්ති 51ක් අමු අමුවේ උල්ලංඝනය කරලා තිබුණා. උදාහරණයක් විදිහට යන්තම් මාස පහක් වයස් වුණු තාරාවෙක් මස් කරලා මිනිස්සුන්ට විකුණන්න තරම් පහත් තත්ත්වයට වැටිලා තිබුණා.