Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කප්පම් නඩුවේ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින අචලාට මරණ තර්ජන

මරණ තර්ජනයක් ගැන වසරකට ඉහතදී කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ අචලා ශානිකා සෙනවිරත්න ප්‍රකාශ කරයි.

ඇය වෙත කරන ලද මරණ තර්ජනයක් පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 192/19CD යටතේ ලද පැමිණිලි කර තිබුනද මේ දක්වා කිසිදු ක්‍රියාමාර්හයක් ගෙන නැත

” නාවික හමුදා පිරිසක් විසින් තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට අදාල නඩු කරය, මීතොටමුල්ල කුණු කන්දේ තරුණයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට අදාල නඩු කරය, කොටහේන ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදහන් කිරීමට අදාල නඩුකරය, වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීමට අදාල නඩුකරය, හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න නඩුකරය, අධිකරණයට අපහාස කිරීම හා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට අදාල නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න ඇතුලු සැකකරුවන් පස් දෙනෙකුට අදාල නඩුකරය ආදී නඩුකරයන්ගේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ලෙස පෙනී සිටින්නේ ඇයයි

විමර්ශන පමා වීම සහ අපරාධකරුවන් නිදැල්ලේ හැසිරෙමින් දිගින් දිගටම මරණ තර්ජන එල්ල කිරීම ගැන ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යලිත් වතාවක් පැමිනිලි කොට ඇත. පුර්ව පැමිණිල්ලට අදාල සැකකරුවන් විසින්ම එකී සමාජ ජාලාවම භාවිත කරමින් දිගින් දිගටම මරණ එල්ල වෙමින් පවතින බව ඇය සදහන් කොට ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ දැන් තත්වය කුමක්ද කියා, අප සහසුද්දයෙන් දනිමු. අපට ඇසීමට ඇත්තේ මෙපමනකි. යුක්තිය ඉෂ්ඨ නොවේ නම් කුමට එරට අධිකරණය සහ පොලිසිය, විණිසුරන් !