Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කෝකිලා , ප්‍රසන්න , අකිල , ඩෑන් දුමින්දගේ නඩුව අහයි – දුමින්දට සාධාරණය විය යුතු බවට තීන්දු කරයි – යහපාලන සමයේ අධිකරණයට චරිත සහතිකයකුත් ලියයි

යහපාලන සමයේ දේශපාලන පලිගැනීම් මත මිනිසුන් සිරගත කර ඇති බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිපදෙනෙකු පවසන ආකාරය හිරු ටීවී හරහා වාර්තා කර තිබෙනවා.

එහිදී අදහස් පලකරන පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා හර්ෂනී මහත්මිය පෙන්වා දෙන්නේ දුමින්ද සිල්වා මහතාට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව ඇය විශ්වාස කරන බවයි.

එමෙන්ම අදාල සිදුවීමේදී ප්‍රථමයෙන් ම වෙඩි තැබීම සඳහා අණ ලැබුණේ කොහෙන්දැයි ඇය දන්නා බවද පවසන කෝකිලා හර්ෂනී මන්ත්‍රීවරිය පසුගිය කාලයේ නඩු පැවරීම් සියල්ල ආණ්ඩුවේ උවමනාව මත සිදුවූ බවද පවසනවා.

එමෙන්ම අධිකරණය ක්‍රියාත්මක වුයේ ආණ්ඩුවේ අවශ්‍යතාවයට අනුව බවද ඇය පවසනවා.

මෙම වාතාවරණය තුළ පිල්ලයාන් මහතා ද වසර පහක් කිසිදු වරදක් සිදු නොකොට සිර ගත වී සිටි බවද ඇය සදහන් කළා.

ඒ අනුවම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ද රන්ජන් රාමනායක මහතා ඇතුළු යහපාලන ආණ්ඩුව කටයුතු කල බවද ඇය පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසන්නේ රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද අනුව දුමින්ද සිල්වා මහතාට අසාධාරණයක් සිදුව ඇති බව මේ වන විට රටම පිළිගන්නා බවයි.

ඒ අනුව දුමින්ද සිල්වා මහතාට සාධාරණයක් ඉටුවිය යුතු බවයි ඔහු සදහන් කරන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා සදහන් කරන්නේ රන්ජන් රාමනායක මහතා සහ ශානි අබේසේකර මහතා යහපාලනය තුල හිදිමින් විපක්ෂයෙන් පලිගැනීමට කටයුතු කල ආකාරය අද වන විට හෙළිවෙමින් පවතින බවයි.

ශානි අබේසේකර මහතා සහ රන්ජන් රාමනායක මහතා එක් වී නිර්දෝශි පුද්ගලයන් රැසක් සිරගත කල බව පවසන ඩෑන් පියසාද් මහතා දුමින්ද සිල්වා මහතා තමා නිවැරදිකරු බව සදහන් කරද්දීත් ඔවුන්ගේ උවමනාවට යම් යම් නීති සකස් කොට නිරපරාදේ සිරගත කර ඇති මිනිසුන් සිටින බව සදහන් කරනවා.

ඒ අනුව රටේ ජනතාව සිටින්නේ ඔවුන් නිදහස් කල යුතුය යන ස්ථාවරයේ බවයි ඩෑන්පියසාද් මහතා පෙන්වා දෙන්නේ.

අදාළ වීඩියෝව පහළින්..