Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සුනිල් ජයවර්ධන ඝාතනයේ අවස්ථා සම්බන්ධය ?

සමස්ත ලංකා ත්‍රීරෝද  සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා මැර ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වුයේ පසුගිය බදාදා රාත්‍රියේයි. ඒ  Chanmil Investment නම් නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ කල්බදු ණය පහසුකම් ලබාදෙන ආයතනයක් ඉදිරිපිට සිදුවූ පහර දීමකින්.

කොරෝනා වසංගතය හේතුවෙන් රජය රට වසා දැමීමට තීරණය කල අතර ත්‍රීරෝද රථ හිමියන් ඇතුළු කුලී රථ ධාවනය මගින් තම ජීවිකාව සරිකර ගන්න පුද්ගලයන්ට සහන සැලසීම සදහා රජය විසින් මස 06 ක කාලයක් ලීසි වාරික වලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කෙරුණා.

එසේ තිබියදී මෙම කල්බදු සමගම විසින් ත්‍රීරෝද රථයක් කල් බදු ගෙවීම් පැහැර හැර ඇති බව පවසමින් ඔවුන් භාරයට ගෙන තිබුණේ සීසර් කණ්ඩායමක් යොදාගනිමින්.

මෙම කටයුත්තට එරෙහිව සුනිල් ජයවර්ධන මහතා අදාළ ආයතනය වෙත ගොස් විමසා ඇත්තේ රජය ලබාදෙන කල්බදු සහනය මෙම ගනුදෙනුකරුට හිමි නොවුයේ ඇයිද යන්නයි.

මෙහිදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති අතර ජයවර්ධන මහතා සිය ෆේස් බුක් ගිණුමට එම ස්ථානයේ සිටම වීඩියෝවක් එක් කරමින් ජනාධිපතිවරයාට මෙම අසාධාරණය පිළිබද කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

https://m.youtube.com/watch?feature=emb_share&v=Qa0IbGgioII&fbclid=IwAR37pZU-wokoUO8n17nhVMtIyA1J-aOP8w8oQE-ymeOgprNJL–XPWVNtMU
සුනිල් ජයවර්ධන මහතා අවසන් වරට සිදුකළ ප්‍රකාශය

අනතුරුව ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර නැවත එදිනම සවස 6 ට පමණ තවත් පුද්ගලයෙකුද සමගින් එම ස්ථානයට ගොස් තිබෙනවා.එහිදී එම ආයතනයට සම්බන්ධ වාහන පැහැර ගැනීම් සිදුකරන මැර කණ්ඩායමක් විසින් ඔහුට මිය යනතුරු පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේම දෙනෝ දහසක් බල සිටියදී මෙම පහර දීම සිදුව තිබීම විශේෂත්වයක්.

මෙම ඝාතනයට පසු තම ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් රජයේ ප්‍රබල ආධාරකරුවෙකු සහ ජනාධිපතිවරයාගේත් අගමැතිවරයගේත් සමීප හිතවතෙකු ලෙස පෙනී සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  සාමාජික මහින්ද කහදගමගේ මහතා සිය සතුට පළකර තිබීම විශේෂත්වයක්.

පසුගිය දා ජීවිතාන්තය දක්වා සිර දඩුවමට යටත් කරන ලද ඌව තැන්නේ සුමන හිමිට  සහ මියගිය සුනිල් ජයවර්ධන මහතාට කර්මය පටිසන් දීම සම්බන්ධයෙන් තමා සතුටුවන බවත් තමාට කළ දෙයට ඔවුන්ට ලැබී ඇති ප්‍රතිවිපාක පිළිබද පුදුම සහගත බවත් සදහන් කර තිබුණා.

ඒ අනුව මෙම සිද්ධි අතර යම් අවස්ථා සම්බන්ධයක් පවතින්නේද යන්න සාධාරණ සැකයක් මතුවීම වැළක්විය නොහැක්කක්.

About The Author