Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හිස්කබල හිල් කරමු

1.රුධිරය ඉවත් කිරීම.

වර්තමානයේ දීත් ඇතැම් ලෙඩ රෝග සඳහා රෝගී රුධිරය ශරීයෙන් ඉවත් කොට, නිරෝගී රුධිරය නැවතත් ඇඇතුළු කරනු ලැබේ. වසර දහස් ගණනකට පෙර පෞරාණික සුමේරියානුවන් හා ඊජිප්තු වැසියන් විශ්වාස කළේ සියලු ශාරීරික වේදනාවන්ට ප්‍රධානතම හේතුව වන්නේ ශරීරයේ කිසියම් කොටසක පවතින නරක රුධිරය බව ය. එහෙයින් ඔවුන්ගේ ප්‍රතිකාර ක්‍රමය වූයේ වේදනා දෙන ප්‍රදේශයේ නහරයක් කපා, රුධිරය හිතුමතේ ශරීරයෙන් ඉවතට ගලා යාමට සැලැස්වීම යි. විශේෂයෙන් ම උණ රෝගීන්ගේ ශරීර තුළ රුධිරය වුවමනා ප්‍රමාණයට වඩා වැඩිපුර ඇති බව නිගමනය කෙරිණි.

වෛද්‍යවරයා සෑහීමකට පත් වන තුරු එසේ රුධිරය ඉවතට ගැලූ පසු නැවත තුවාලය වෙළනු ලැබිණි. මෙම ක්‍රමය වඩාත් ජනප්‍රිය වූයේ ග්‍රීක හා රෝම යුගයයන්හි දී බව පෙනේ. ඇතැම් කරණවෑමියෝ එය කොණ්ඩය හා රැවුල බෑම සමඟ ම කර දෙන සේවාවක් ලෙස ඉටු කළහ. එබැවින වෛදවරයෙකු කරා යෑම ද අත්‍යවශ්‍ය නොවිණි. 

සැබවින් ම එය ඉතා භයානක කටයුත්තක් විය. මන්දයත් අධික රුධිර වහනයෙන් බොහෝ කුඩා දරුවන් හා මන්දපෝෂණය සහිත පුද්ගලයින් මරණයට පත් වූ බැවිනි. උණෙන් පෙළෙද්දී තුවාල කොට, ලේ ඉවතට ඇද දැමීම කෙතරම් වේදනාකාරී වන්නට ඇති ද?

2.හිස්කබල හිල් කිරීම.

දැනට වසර හත්දහසකට පමණ පෙර ජීවත් වූ මිනිසුන් සිතාගෙන සිටියේ හිසේ සමට යටින් තිබෙන හිස්කබලේ තැනින් තැන වළවල් ඇති බව යි. එම අනවශ්‍ය පිහිටීම් නිසා මිනිසුන්ට රෝගාබාධ ඇති වන බවත්, එබැවින් ඒ සඳහා පිළියම් කළ යුතු බවත් ඔවුහු සිතූහ. එය සිදු කරන ලද්දේ වක්‍ර වූ කියතකින් හිස්කබල හිල් කිරීමෙනි. මොළයේ ශල්‍යකර්මවල මූලික අඩිතාලම මෙය බව හැඟේ.

මෙම හිල් කිරීමෙන්හිස තුළ පාවෙමින් සිටින භූතාත්මවලට ඉවතට යාමට ඉඩ සැලසෙන බවත් එයින් මානසික ආබාධ ඇතුළු බොහෝ රෝග සුව වන බවත් ඔවුහු විශ්වාස කළහ. විශේෂයෙන් ම ආදිකාලීන පේරු රාජ්‍යයේ දී මෙම හිල් කිරීමේ ප්‍රතිකර්මය ක්‍රියාත්මක වූ බවට සාක්ෂි පවතින අතර, එමගින් බොහෝ රෝගීන් සුව වූ බව ද කියවේ. වර්තමානයේ දී ද අංශභාගය, හිසේ වේදනා, ලේකැටි සිරවීම් සහ මොළයේ ගෙඩි වැනි රෝග දුරු කිරීම සඳහා මෙම උපක්‍රමය භාවිත වේ. 

3.රසදිය 

රසදිය වඩාත් ප්‍රසිද්ධ වන්නේ එහි ඇති විෂ සහිත භාවය හේතුවෙනි. එහෙත් පුරාණ පර්සියානුවන් සහ ග්‍රීකයන් මෙය සුවඳ විලවුන් සෑදීම සඳහා යොදා ගත් අතර චීන ජාතිකයෝ රසදිය අගනා ඖෂධයක් බව සිතූහ. එම වෛද්‍යවරුන් රසදිය යොදා ගත්තේ කාන්තාවන්ගේ සරු ඩිම්බ හා පුරුෂයින්ගේ සරු ධාතු වැඩි කිරීමට ය. “ක්වික් සිල්වර්” ලෙස හඳුන්වන දියර රසදියත් රතු පැහැ ගත් රසදිය සල්ෆයිඩයත් චීනයේ ඇතැම් ප්‍රදේශවල භාවිත වූ බවට සාක්ෂි තිබේ. එමගින් ජීවිත ආශාව වැඩි වන බවත් එවිට නොසිතූ තරම් කාලයක් ජීවත් වීමට හා වාසනාව තිබුණොත් අමරණීය වීමට පවා හැකි වන බවත් ඔවුහු විශ්වාස කළහ. 

මෙලෙස අමරණීය වීම වෙනුවෙන් ම සකසාගත් බීර පානයක් ද ඔවුන් සතු විය. ඊට ඇතුළත් වූයේ අප සිහිනයකින්වත් බීමට අපේක්ෂා නොකරන ද්‍රව්‍ය ය. එනම්, රසදිය, සල්ෆර් සහ ආසනික් ය. මෙම විෂ පිරි බීර වර්ගය ඔවුන්නිර්දේශ කරන තරම් කාලයක් පානය කළ විට සදාකල් ජීවනය පමණක් නොව මුහුද මත ඇවිද යාමේ හැකියාව ද ලැබෙන බවට එම වෛද්‍යවරු සහතික වූහ. කෙසේ වුවත් චීන අධිරාජ්‍යයෙකු වූ ක්වින් ශී හුවෑන් අමරණීය වීම සඳහා දීර්ඝකාලීන ව රසදිය පානයට ගැනීමෙන් මිය ගොස් ඇත.

තත්වය එතරම් බරපතල වුවද ආසන්නතම වාසි වන සියවසේ දී පවා වෛද්‍යවරුන් සිෆිලිස් වැනි ලිංගාශ්‍රිත රෝග සමනය කිරීම සඳහා රසදිය භාවිත කර තිබේ. මෙම බැර ලෝහය එහිදී අතිසාර්ථක උපක්‍රමයක් බවට පත් වව ද අවාසනාවකට මෙන් රසදිය විෂ අක්මාවට හා වකුගඩුවලට ඇතුළු වීමෙන් රෝගීහු බොහොමයක් මිය ගියහ.

ශ්‍රීනි ලංකා ජයකොඩි.