Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අමෙරිකානු රැල්ලට ගිය පෙරෙට්ටන්ට අමෙරිකානු උත්තරයක්

අමෙරිකානු පොලිස් අත්අඩංගුවේ සිටි ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා මිය යාමට විරෝධය පළ කරමින් ඇමරිකාවේ පැවැත්වෙන විරෝධතා මාලාවට සහාය පළ කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද කොළඹ දී විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

නිරෝධායන ක්‍රමවේද පවා අනුගමනය කරමින් උද්ඝෝෂකයන් විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතාව යෙහි නිරත වන ආකාරය දක්නට ලැබුණා.

නමුත් එක් වරම පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් කුමාර් ගුණරත්නම් මහතා විසින් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරන අවස්ථාවේදී පොලිස් නිලධාරින් බලහත් කාරයෙන් පොලිස් භාරයට ගැනීමට උත්සාහ කිරීමත් සමඟ දැඩි උණුසුම් තත්වයක් තත්ත්වයක් නිර්මාණය වුණා.

නිරෝධායන නීති පවා උල්ලංඝනය කරමින් පොලිසිය සහ උද්ඝෝෂකයන් ගුටිබැට හුවමාරු කර ගත් ආකාරයක් ද දක්නට ලැබුණා.

අවසානයේ කිසිදු නිරෝධායන ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකොට කැබ් රථයකට නංවා ගත් උද්ඝෝෂකයෝ දහයත් දොළහත් අතර පිරිසක් එක ගොඩේ පටවා පොලිස් අත් අඩංගුවට ගෙන රැගෙන යන ආකාරය ද නිරීක්ෂණය කිරීමට හැකි වුණා.

අමෙරිකාවේ රජයට එරෙහි ව පැවති මෙම විරෝධතාවයට මෙරට පොලිසිය මෙලෙස මැදිහත් වූයේ ඇයි ද යන්න පිළිබඳ බරපතළ ගැටලුවක් මතු ව ඇති බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට වත් නොමැති ඇමරිකානු රජය පිළිබඳ කැක්කුමක් කලක් එරට පුරවැසියෙකුව මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති දැයි යන්න පිළිබද සැක මතු වන බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.

මේ සම්බන්ධයෙන් හෙට දිනයේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමට බලාපොරොත්තු වන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළා.

කෙසේ වෙතත් පොලීසිය සඳහන් කළේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වාරණ නියෝගය කියවා දැනුම් දීමට උත්සාහ කළ අවස්ථාවේදී විරෝධතාකරුවන්ගෙන් ඊට දැඩි බාධා එල්ල වූ බවයි.

එමෙන්ම එම කණ්ඩායම නිරෝධායන නීතී උල්ලංඝනය කළ බවටයි පොලිසිය චෝදනා කළේ.

ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම්,ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු සාමාජිකයන් 42 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.