Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තායිලන්තයේ රජ්ජුරුවෝ.

මේ අතර තායිලන්තයේ රජතුමා වන මහා වජිරලෝන්කෝර්න් හෙවත් රාමා එක්ස් හට සිදු වූයේ තමා සමඟ සිටි සුරූපිනියන් විස්සක් ද සමඟින් ජර්මනියේ හෝටලයක් තුළ නිරෝධායනය වීමට ය. 

⁣සිය පියාගේ ඇවෑමෙන් 2016 වසරේ දී රජකමට පත් වුව ද ඔහුගෙන් එතරම් සේවයක් ඉටු නොවන බව එරට වැසියක්ගේ අදහසයි. මේ වන විට ආසාදතයන් 2,795ක් පමණ වාර්තා වී තිබුණ ද, පෙබරවාරි – මාර්තු අතර මසක පමණ කාලයක් තිස්සේ ඔහු ජනතාව හමුවට පැමිණියේ නැත. කෝප වූ ජනතාවගෙන් මිලියන 1.2ක් පමණ ට්විටර් පණිවිඩ යොමු කරමින් “අපට රජෙක් මොකටද?” යැයි අසා තිබිණි.

තත්ත්වය මෙසේ තිබියෙ දී අන් රටක නිරෝධායනයට ලක් වීමට ඔහුට සිදු වූයේ වසංගත අනතුර නොසලකා ඔහු සංවිධානය කිරීමට යෙදුණු උත්සවයක් නිසාවෙනි. උත්සවයට ආරාධනය ලැබූ බොහෝ දෙනා එයට සහභාගි වීමටත් පෙර නිවෙස්වලට හරවා යැවිණි. කෙසේ වුව ද ජර්මනියේ සෝනෙන්බයිකල් හෝටලය තුළ උත්සවය පැවැත්විණි. මෙයට ඉඩ හැරීම පිළිබඳ නිදහසට කරුණු කියමින් ජර්මනිය ප්‍රකාශ කළේ, යම් රටක ප්‍රධානියෙකු සිය රජයෙන් නිළ ඉල්ලීමක් කළ විට එය ඉටු කිරීමට ඔවුන් බැඳී සිටින බව ය.

රජතුමා සමඟ කාන්තාවන් විසි දෙනෙකු සිටිය ද, ඒ අතර ඔහුගේ සිව් වන විවාහයේ බිරිය වන “සුතිදා” සිටි බවට සාක්ෂි නැත.