Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සමස්ත සේවකයන්ගේ මුහුණේ දැලි ගෑවාට RMV සේවකයන් ආණ්ඩුවට එරෙහිව නඩු මඟට

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ස්ථාන මාරු කිරීම්වලට එරෙහිව අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට සූදානමින් සිටින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රගතිශීලී සේවක සංගමය සදහන් කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ දුෂිත නිලධාරීන් ඇතැයි පවසමින් සමස්ත නිලධාරීන්ම දුෂිත බව ඇඟවෙන අයුරින් ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බවයි.

දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන් මුල සිටම කරන ලද ආනාවරණයන් බලධාරීන් නොසලකා ඒ වෙනුවට සමස්ත නිලධාරීන්ම දූෂිතයින් වන ආකාරයෙන් ස්ථාන මාරු කර යැවීම පිළිබඳ සේවකයින් තුළ බලවත් අප්‍රසාදයක් හා විරෝධයක් මතුවී ඇති බවද එම සංගමය පෙන්වා දෙනවා.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ 600ක පමණ පිරිසක් ස්ථාන මාරු කිරීම ගැන අදහස් දක්වමින් එහි ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති ආර්.එම්. ගයාන් මධුසංක මහතා වඅවධාරණය කරන්නේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ජනතාව අතර අප්‍රසාදයක් ඇති බව රාජකාරිය අකුරටම ඉටුකරන අවංක සේවකයින් හොඳටම දන්නා බවයි.

එයට හේතුව ඇතැම් නිලධාරීන් කරන දූෂණ වංචා ඇතුළු අක්‍රමවත් නීති විරෝධී ක්‍රියා බවද ඔහු පවසනවා.

මේ පිලිබඳ ඉහළ නිලධාරීන්ට අවස්ථා ගණනාවකදී පැමිණිලි කළද ඉන් පලක් නොලද බව පවසන සභාපතිවරයා දැන් සිදුව ඇත්තේ අවංක නිලධාරීන් බලවත් අසාධාරණයකට පත් කිරීම බවද සදහන් කළා.

පසුගිය ආණ්ඩු සමයේදී ද විවිධ අරමුණු පාදක කරගනිමින් මේ ආකාරයේ අසාධාරණ ස්ථාන මාරුකිරීමක් සිදු කරන්නට ගිය බවත්, ඊට එරෙහිව 2018 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද ගොනුකර ඇති බවත් පැවසු ගයාන් මදුසංක මහතා එම නඩුවට අනුකූලව අධිකරණය දී ඇති විසඳුමට අභියෝග කරමින් වත්මන් රජය මෙම අසාධාරණ ස්ථාන මාරු ලබා දී ඇති බවද සදහන් කරනවා.

මේ සම්බන්ධයෙන් අඛණ්ඩව සටන් කරන බවද ඔහු සදහන් කළා.