Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජිනා මැඩමුත් නිදහස්..

කලක් මහත් ආන්දෝලනයට ලක් වූ සුපිරි ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වූ රෝස්මරි ෆිලිෂියා පෙරේරා හෙවත් ‘ජිනා මැඩම්’ නමැත්තිය එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට වලින් නිදොස් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දිනයේ තීන්දු කළා.

මැති ඇමතිවරුන්, නීතීඥයින්, කලකරුවන්,හමුදා නිලධරීන්, වෛද්‍යවරුන් ඇතුළු සමාජයේ ප්‍රධාන භූමිකා වල වගකීම් දැරූ පුද්ගලයන් රැසක් එවකට “ජිනා මැඩම්ගේ” සේවාවන් ලබා ගත් බවට වාර්තා පල විය.

අදාළ චෝදනාවට ඇය වරදකාරිය කරමින් කොළඹ මහාධිකරණය ලබා දී තිබු තීන්දුව අභියාචනාධිකරණය මගින්ද අනුමත කර තිබුණි.

එවන් අවස්ථාවක නැවතත් ඇය තම නිර්දෝෂීභාවය වෙනුවෙන් මහාධිකරණය විසින් ලබා දී තිබූ තීන්දුවට එරෙහිව අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට කටයුතු කර තිබුණි.

කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවූ බවට වූ චෝදනාවට කොළඹ මහාධිකරණය විසින් අවුරුදු තුනක සිර දඬුවමක් සහ රුපියල් 25000ක දඩයක් නියමව සිටි රෝස්මරි ෆලිෂියා පෙරේරා හෙවත් ‘ජිනා මැඩම්’ නමැත්තිය එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන්නේ ඒ අනුවය.

බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නඩු තීන්දුව ප්‍රකාශ කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බෙදුනු තීන්දුවක් ප්‍රකාශයට පත්කරන ලදී.

ගණිකාවක් වශයෙන් කටයුතු කරන තැනැත්තියකට එරෙහිව කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනා ඉදිරිපත් කළ නොහැකි බව පෙත්සම විභාග කළ බුවනෙක අළුවිහාරේ සහ එල්.ටී.බී. දෙහිදෙණිය විසින් නිකුත් කළ තීන්දුවේ දැක්වේ.

විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් වෙනම නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කර ඇත.