ජනතාවගේ ආගමික විශ්වාසයන් අනුව ඔවුන්ගේ අවසන් කටයුතු කිරීමට ඉඩ ලබාදිය යුතු බව සමගි ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා සදහන් කරන්නේ සිංහල, දෙමළ,මුස්ලිම් භේදයකින් තොරව ඒ ඒ ජන වර්ගයන්ට තම අවසන් කටයුතු සිදු කිරීම වෙනුවෙන් ඇති අයිතියට රජය ගරු කළයුතු බවයි.
ඔහු මෙම අදහස් පලකළේ බොරැල්ල පොදු සුසාන භුමිය ඉදිරිපිට පැවති විරෝධතාවකට අද පෙරවරුවේ එක්වෙමින්.
රටවල් 188ක් මේ වනවිට භූමදානය සඳහා අවසරය ලබාදී ඇති වටපිටාවක ලංකාව තුළ එක ජන කොට්ඨාශයක් ඉලක්ක කරගනිමින් මෙවැනි දේ කිරීම තුළ විශාල විනාශයක් ඇතිවිය හැකි බව ද ඔහු මෙහිදී සදහන් කළා.
අත නොහැර කියවන තැන
චීනය ශ්රී ලංකාව තුළ හමුදා කඳවුරක් ස්ථානගත කරන්න යනවා – ඇමරිකාව හෙළිකරයි
බැසිල් එළදෙනගේ පස්ස කෑල්ල සොයා ගනී – වගකීම රනිල් පිට පටවයි
සජබයට ආ ඩිලාන්ගෙන් හර්ෂ ද සිල්වාට ප්රහාරයක් – ආණ්ඩුවට කඩේ යන්න එපා යැයි කියයි