Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විපක්ෂයේ දේශපාලකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ඇගිලි ගසා නැති ලෙඩ දාගන්න එපා – ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාගෙන් ජනපතිට උපදෙසක්

විපක්ෂයේ දේශපාලන නායකයන්ගේ සහ සහෘදයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අත තබා තවදුරටත් ප්‍රශ්ණ හා අර්බුද උග්‍ර කර නොගන්නා ලෙස තමා ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් ලබා දෙන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

1991 වසරේ යාපනය කොටුව බේරාගැනීමේ සටනේදී සතුරා ඉදිරියේ සිටියදී විවෘත භුමියක් හරහා ගමන් කිරීමට ගොස් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු බලඇණිය අනතුරට ලක්වූ අවස්ථාවේ ඔහු හා ඔහුගේ බල ඇණිය බේරා ගැනීම සඳහා තමා සහ පළමුවන සිංහ රෙජිමේන්තු බල ඇණිය කටයුතු කල බව සිහිපත් කරන සරත් ෆොන්සේකා මහතා වසර 30 කට පසුව එම වරද ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යලිත් සිදු නොකරනු ඇතැයි තමා සිතන බව ද ඔහු සඳහන් කරනවා.

තම නිල ෆේස්බුක් පිටුවෙහි සටහන් තබන ෆොන්සේකා මහතා පවසන්නේ මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කදවුරේ අණ සහ පාලනය බිද වැටී ඇති බවයි.

ඡන්දය ලබාදුන් 69 ලක්ෂයක ජනතාව විසින්ම ඔබ හාස්‍යට ලක්කිරීමෙන් මෙම තත්වය වඩා පැහැදිලි වන බවද ෆොන්සේකා මහතා සිය සටහන මගින් පෙන්වා දෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන වශයෙන් තනි වී ඇති බවත් බලයෙන් උම්මන්තකව වී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය එම බලය විසින්ම විනාශ කර දමනු ඇති බවත් සරත් ෆොන්සේකා මහතා සඳහන් කර තිබෙනවා.

එබැවින් රටම අසීරුවෙන් සිටින මොහොතක මා ඇතුළු පොදු විපක්ෂයේ දේශපාලන නායකයින්ගේ හා සහෘදයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අත තබා තවදුරටත් ප්‍රශ්ණ හා අර්බුද උග්‍ර කර නොගන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙසක් ලබාදෙන බවද අවසන් වශයෙන් එහි දක්වා තිබෙනවා.

About The Author