Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව බුද්ධිමත්ව කටයුතු නොකලොත් රටම අමාරුවේ – සම්බන්දන් අනතුරු අඟවයි

වර්තමාන ආණ්ඩුව බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇති බවත්  එසේ නොකළ හොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ භයානක ව්‍යවසනයකට මුහුණදීමට සිදුවනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පෙන්වා දෙනවා.
 
ඒ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

එහි වැඩිදුරටත් දක්වා තිබෙන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා ජාතික ගැටලුවට විසඳුමක් ලැබෙන්නේ නම් එයින් ජනතාවටත් රටටත් යහපතක් ඇති වන බවයි.

එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට රජය අපොහොසත් වුවහොත් රටට සාමය, සමාදානය, සෞභාග්‍ය මේ කිසිවක් නොලැබෙනු ඇති බවද පෙන්වාදෙන සම්බන්දන් මහතා එම තත්වය මානව අවබෝධ කරගෙන වත්මන් ආණ්ඩුව වඩාත් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද පවසනවා.

එසේ කිරීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර වශයෙන් රටට භයානක ව්‍යසනයකට මුහුණදීමට සිදුවනු ඇති බවටද ඔහු අනතුරු අඟවනවා.
 
එබැවින් දෙමල ජනතාවද ඇතුළුව සියලු පුරවැසියන් වෙනුවෙන් සාධාරණ ,යුක්ති සහගත, සියලු දෙනාගේම අනන්‍යතාවයන් වලට ගරු කරනු ලබන, රටට කිසිඳු අගතියක් සිදු නොවන, රටේ සියලු ජනතාවට සාමයෙන් ජීවත් විය හැකි තිරසාර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පුර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද සම්බන්දන් මහතා ඒවා ඇති නිවේදනයේ සඳහන්.
 
රටේ අනාගතය සමෘද්ධිමත් වන්නේ රටට තිරසාර දේශපාලන විසඳුමක් ලැබෙන්නේ නම් පමණක් බව ද වැඩිදුරටත් පෙන්වා දෙන සම්බන්දන් මහතා එම විසඳුම ශ්‍රී ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බවත් , අවංක සංහිදියාවක් ඇති කිරීමට හැකි වන්නේ එයින් පමණක් බවත් සඳහන් කර තිබෙනවා.