කොරෝනා අසාදනය වී මියගිය මෙරට දෙවන වෛද්‍යවරයා ලෙස වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඊයේ (04) පස්වරුවේ මියගොස් තිබෙනවා.
ඒ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී.
නෙවිල් ප්‍රනාන්දු මහතා මෙරට කීර්තිමත් පුරවැසියෙකු වන අතර ඒ මහතා රටේ වැඩි අවධානයට ලක්වන්නේ SAITAM ගැටලුව සමගයි.
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඒ මහතා විසින් ඉදිකරන ලද්දක්.
පානදුර කේතුමතී රෝහල ඔහු විසින් නිර්මාණය කර තිබෙනවා.
රෝහල් මෙන්ම පාසල් ද නිර්මාණය කර ඇති නෙවිල් ප්‍රනාන්දු මහතා පානදුර රාජකීය විද්‍යාලය සහ පානදුර අගමැති බාලිකා විද්‍යාලය ඉදිකිරීම සඳහා පුරෝගාමී වුණා.
වාර්තා වන අන්දමට ඒ මහතාගේ ප්‍රිය බ්රිද ද මේ වන විට කොරෝනා අසාදනය වී IDH රෝහලේම ප්‍රතිකාර ලබනවා.
අත නොහැර කියවන තැන
ප්‍රමිතියෙන් තොර බාල පොල් තෙල් තවමත් වෙළඳපොලේ – ඇමති අමරවීර පාර්ලිමේන්තුවේදී පිළිගනී
විපක්ෂ නායක ඉල්ලා අස් වුනා ද?
සජිත් – මහින්දානන්ද පැටලෙයි – පාර්ලිමේන්තුව උණුසුම් – සිරිකොතත් පැටලෙයි