Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මට ඕනේ වුණේ මාව පාලනය කරන්න පුළුවන් මිනිහෙක් – ප‍්‍රියංකා චොප්රා

  • මේ දවස්වල එක එක අය ඔයාගේ ජීවිතයට බලහත්කාරකම් කරනවා වගේ පේනවා. කොහොමද මේ තත්ත්වය මඟ හැර ගන්නේ?

ඇත්තම කිව්වොත් මගේ ජීවිතයේ පැති දෙකක් තියෙනවා. මම මිනිස්සුන්ට පෙන්නන්නේ එක පැත්තයි. පිටතින් මම හිත හයිය කෙනෙක් වගෙයි පේන්නේ. ඒත් ඒක මගේ ජීවිතයේ එක පැත්තක් විතරයි. කෙටියෙන් කියනවා නම්, ඔය අන්තර්ජාලයේ තියෙන සමහර වෙබ් අඩවිවල මම දාලා තියෙන කාරණා සම්පූර්ණයෙන් ඇත්ත නෙවෙයි. මම මොකක් හරි දෙයක් ප‍්‍රසිද්ධ කරද්දී, මටයි කියලා පෞද්ගලිකත්වයකුත් ඉතුරු කර ගන්නවා. මිනිස්සු දකින්නේ මම එයාලට පෙන්නන දේ විතරයි. මගේ පවුලේ අය වත් දන්නේ නැහැ ඇත්තට ම මම කොයි වගේ කෙනෙක් ද කියලා. මම මගේ ජීවිතය පරිස්සමෙන් ආරක්ෂා කරගෙනයි ඉන්නේ.

  • විවාහය ඔයාගේ වැඩවලට බාධාවක් ද?

කරදර කරන ජාතියේ කෙනෙක් බැන්දොත් නම් බාධාවක් වෙන්න තිබුණා තමයි. මොකද මම ටිකක් සාම්ප‍්‍රදායික ව හිතන, ඉන්දියානුවන්ගේ අනන්‍යතාවයට කැමති කෙනෙක්. කෙල්ල තනියම එළියට ගියාම කොල්ලා අහන්නේ නැත්නම් කොහෙද ගියේ කියලා, මම එයාට කැමති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මාව පාලනය කරන්න ලෙහෙසියි. ඒ නිසා මට ඕනේ වුණේ මාව ඒ විදිහට පාලනය කරන්න පුළුවන් කෙනෙක්. මොකද, එහෙම නැති වුණාම හිත ටිකක් ඉබාගාතේ යන්න බලනවා. මගේ සැමියා, මම ගරු කරන විදිහේ කෙනෙක් වෙන්නත් ඕනේ කියලයි මං ඉස්සර ඉඳන් ම හිතුවේ. ඒත් ඒ ගෞරවය දිනා ගන්න නම් ටිකක් අමාරුයි. මොකද මම බලාපොරොත්තු වෙන වටිනාකම් ටිකක් ඉහළ වැඩි නිසා. කොහොම නමුත් නික් මං හිතුවට වඩා හොඳ කෙනෙක්. ඒ් නිසා බාධාවක් නැහැ.

  • ඒ වගේ කෙනෙක් හොයා ගන්න හිතාගෙන හිටියේ කොහෙන් ද?

එයා කවදාහරි සුළඟක් වගේ ඇවිත් මගේ ජීවිතය සම්පූර්ණ කරලා, මාව ඈතට ඈතට අරගෙන යයි කියලා මං හිතුවා. මම කවදාවත් බලාපොරොත්තු නැති කර ගත්තේ නම් නෑ.

  • කැමති වුණේ නැද්ද නළුවෙක් එක්ක විවාහ වෙන්න?

මට ඕනේ වුණේ පිස්සුවෙන් වගේ මට ආදරය කරන කෙනෙක්. එයා මොනවා කළත් කමක් නැහැ. සම්බන්ධතාවල දී මං හරි සංවේදීයි. ඒ නිසා මට ඕනේ වුණේ, ඔය දැන් ඉන්න හුඟ දෙනෙකුට සිද්ධ වෙලා තියන දේ වෙන්නේ නැති ව, තමන්ගේ ආදරය නිර්භීත ව පෙන්නන්න පුළුවන් නියම පිරිමියෙක්. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක් වෙනුවෙන් ම කවුරුහරි ඉන්නවා නේ. ඒ වගේ, මං වෙනුවෙනුත් කෙනෙක් ඇති කියලා මං හිතුවා.

  • ආදරය හැම විට ම ජීවිතය ප‍්‍රබෝධවත් කරනවා නේද?

ඔව්. මම හෙව්ව ජාතියේ ආදරයක් ඔයාටත් හම්බ වුණොත් නම් එහෙම දැනේවි. මං කතා කරන්නේ චිත‍්‍රපටයක් බලලා, තුරුළු වෙලා එහෙ මෙහෙ ගිහිල්ලා ලබා ගන්න උත්සහ කරන වැදගැම්මකට නැති සතුට ගැන නෙවෙයි. මේ ආදරයේ දී දෙන්නා එකිනෙකාගේ ඇඟේ දුවන ලේවල ම ඉන්න බව දැනෙන්න ඕනේ. අන්න එහෙම දැනෙනවා නම් මම සෑහීමකට පත් වෙනවා. ඒ වුණාට ඉතින් මං ටිකක් කරදරකාරයෙක්. නික්ගේ පොඩි වැරැද්දක් වුණත් හොඳට ම ඇති මාව තරහා ගස්සන්න.

  • ඔයාගේ හිත කවදා හරි බිඳිලා තියෙනවා ද?

ඔව්. ඒත් මම හැම තිස්සෙ ම හිටියේ තෝරා ගැනීම සිදු කරන්න ඉඩ ලැබෙන පැත්තේ. මගේ හිත බිඳිලා තියෙනවා. ඒකයි කාලයක් තිස්සේ මගේ ජීවිතය ඒ තරම් අඳුරු වෙලා තිබුණේ. මං ලියන සින්දුවලත් තිබුණේ ඒ වේදනාව ම තමයි.

  • කෙනෙකුගේ ජීවිතයට එල්ල වන බාධක මඟ හැර ගන්න තියෙන හොඳම ක‍්‍රමය මොකක්ද?

ආදරය. ඒ තරම් ශක්තියක් වෙන මොකකටවත් නැහැ.

  • ඔයා, අන්ධ පුද්ගලයෙකුට තමන් ව විස්තර කරලා දෙන්නේ කොහොමද?

(සිනා සී) මිනිහෙකුට ලබන්න පුළුවන් හොඳම ගැහැනිය.

  • තමන්ගේ සාර්ථකත්වය සමරන්නත් ඔයා වෙලාවක් වෙන් කර ගන්නවා ද?

නෑ. ඇත්තට ම මට ඒකට වෙලාවක් නැහැ. ඒත් අද විනෝද වෙන්නේ නැති ව කවදා විනෝද වෙන්නද නේද? හැබැයි මට ලස්සන බබාලා ගොඩාක් හම්බ වුණාට පස්සේ නම් මම මේ පිස්සු වැඩ ඔක්කොම අත හරිනවා.

  • ඔයා තමන්ගේ අසාර්ථකත්වයන්ට මුහුණ දෙන්නේ කොහොමද?

(සුසුමක් හෙළා) අයියෝ ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. මට නම් පරාජය දරා ගන්නම බැහැ. එතකොට මට හොඳටම තරහා යනවා. මම කෑ ගහනවා, කාමරේට ගිහින් දඩස් ගාලා දොර වහ ගන්නවා, දොර ලොක් කරගෙන පැය ගාණක් ඉන්නවා, තරහා නිවෙන කල්. එතකොට මං හැසිරෙන්නේ මෝඩයෙක් වගේ.

  • තමන් අතින් සිදු කෙරුණු සාර්ථක ම රඟපෑම මොකක් කියලද හිතන්නේ?

රඟපෑව හැම චරිතයක් ගැන ම මම සෑහීමකට පත් වෙනවා. මට ඒ හැම එකක් ම හොඳට ම කර ගන්න පුළුවන් වුණා. උදාහරණයක් විදිහට මට සපත්තු මහන කෙනෙක් ගේ චරිතයක් කරන්න ලැබුණා කියමු. එහෙනම් මම තමයි චිත‍්‍රපටයක සපත්තු මහන කෙනාගේ චරිතය සාර්ථකව ම කළ නිළිය වෙන්නේ.

  • ඔයා වැඩියෙන් ම බය මොකකට ද?

හැම දේ ම නැති වෙනවට. විශේෂයෙන් මගේ පවුලේ අය නැති වෙනවට බයයි.