Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අබුඩාබියේ ගින්නක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් අබුඩාබි නගරයේ විශාල ගින්නක් හට ගත්තේ සිකුරාදා රාත්‍රියේ ය. “අල් නායන්” ප්‍රදේශයට අයත් භූමියක පිහිටා තිබෙන තට්ටු නිවාසයක මෙම සිදුවීම සිදු වී තිබේ. 

අසල පිහිටි නිවාසවල වැසියන් හට සිකුරාදා රාත්‍රී 8.30ට පමණ අතිවිශාල පිපුරුම් ශබ්දයක් ඇසී තිබුණු අතර, ස්වල්ප මොහොතකට පසු එම ප්‍රදේශය කරා එමින් සිටින සිවිල් ආරක්ෂක ගිනි නිවන බලකායේ සයිරන් නලා හඬ ද ඇසෙන්නට පටන් ⁣ගෙන තිබේ. 

ගිනි නිවන භටයින් කෙතරම් වේගයෙන් සිද්ධිය වූ ස්ථානයට වාර්තා කළ ද, ගින්න තට්ටු දොළෙහක් දක්වා පැතිරී යාම වළක්වා ගැනීමට ඔවුනට නොහැකි විය. ගිනි දලු අල් මරාවු වීදිය දක්වාත්, එතැනින් අල් මමෝරා ඖෂධාලය දක්වාත් පැතිරී ගියේ ය. පොලිසිය මැදිහත් වී හැකි තරම් ඉක්මනින් අදාළ ප්‍රදේශය සමීපයේ විසූ සියලු දෙනා ඉවත් කර තිබේ. එහෙත් ඒ වන විටත් බොහෝ පිරිසක් දුමාරය ආශ්වාස කිරීමෙන් රෝගී වී තිබිණි.