Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොහොට්ටුවට විශිෂ්ට ජයක්.

2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 6,853,690ක් ලබා ගනිමින් ආසන 128ක් හිමි කර ගත් අතර 59.9%ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. පසුගිය මැතිවරණ ප්‍රතිඵලවලට වඩා බොහෝ ඉදිරියෙන් සිටින එම පක්⁣ෂයේ මන්ත්‍රී මණ්ඩලය පවා මේ වන විට නම් කොට තිබෙන අතර, අගමැති වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ (09) දිවුරුම් දුන්නේ ය.

මෙතුවක් රටෙහි ප්‍රබල විපක්ෂය බවට පත් ව සිටි එක්සත් ජාත්ක පක්ෂය පස් වන ස්ථානයට වැටී ති⁣බේ. ඔවුන් ලද මුළු ඡන්ද සංඛ්‍යාව 249,435කි. ආසන නැත. එහෙත් ජාතික ලයිස්තුවෙන් පමණක් එක් ආසනයක් ලැබී තිබේ. එම පක්ෂයෙන් වෙන් වී ගිය සමඟි ජන බලවේගයට දෙවන ස්ථානය ලබා ගැනීමට හැකි විය. ඔවුන් ලද ඡන්ද සංඛ්‍යාව 2,771,980ක් වන අතර ආසන 47 කි.

සෑම වසරක ම මෙන් තෙ වන ස්ථානය ලැබුවේ පෙර දී ජනතා විමුක්ති පෙරමුණ ලෙස තරඟ වැදුණු ජාතික ජන බලවේගය යි. ඡන්ද සංඛ්‍යාව 445,958කි.ආසන 2කි. 

නව අමාත්‍ය මණ්ඩලය ලබන 12 වන දා දිවුරුම් දීමට නියමිත ය.