Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

භික්ෂුන් වහන්සේගේ මාපිය හිසට සෙවනක් දෙන “මිහිඳු සෙවන” වැඩසටහන අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

භික්ෂුන් වහන්සේගේ මාපිය හිසට සෙවනක් දෙන “මිහිඳු සෙවන” වැඩසටහන සියඹලාණ්ඩුව බුද්ධම පුරාණ රජමහා විහාරස්ථානයේ ආරම්භ කෙරුණා.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

සසුන්ගතව මහණ දම් පුරමින් සම්බුදු සසුන රැක ගැනීම උදෙසා තම කුල දරුවන් ශාසනයට පූජා කළ මව්පියන්ට උපහාර පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන දියත් කර තිබෙනවා.

වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් හැවන්වැරෑව ග්‍රාමයේ බුද්ධම කෝසල හා බුද්ධම නන්දරතන හිමිවරුන්ගේ මාපියන් වන ඩී.එම්. සීලවතී සහ ඩී.එම්. කිරිබණ්ඩා වෙනුවෙන් ඉදිකෙරෙන මිහිඳු නිවහන සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන විසින් මුල්ගල් අද මුල්ගල තැබුවා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුවේ මෙහයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.මෙහි දී මිහිඳු නිවහන ව්‍යාපෘතියේ සන්නස් පත්‍රය මීරිගම මිණිඔලුව විද්‍යාවාස මහ පිරිවෙන් විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නායක අති පූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහා නාහිමියන්ට පිළිගැන්වීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.

About The Author