Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපතිට දේශපාලන අත්දැකීම් අඩුයි – විමල් කියයි

ඇතැමුන් තමන්ගේ තනි බල පෙරේතකම මුදුන් පමුණුවා ගැනීමට ආණ්ඩුවට විශාල හානියක් සිදු කරමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරනවා.

පෞද්ගලික බල පෙරේත කම සංතෘප්ත කර ගැනීම වෙනුවෙන් ඇතැමුන් සිදු කරන විනාශකාරී බලපෑම හොඳින් දකින බවත් ඒ ගැන විශාල කනගාටුවක් ඇති බවත් ඔහු පවසයි.

රාජ්‍ය නායකයා ලෙස භූමිකාව බාරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල චරිතයක් නොවන බවද පවසන වීරවංශ මහතා රාජ්‍ය නායකත්වය භාර ගත් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ද ඔහුට ලබා දීම සිදු කළ යුතුව තිබූ බවද සඳහන් කර තිබෙනවා.

එසේ නොකර ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයට පමණක් තනි කිරීම සුදුසු දෙයක් නොවන බව ද ඔහු සඳහන් කරනවා.

ඉන් සිදුවන්නේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර තිබෙන සබැඳියාව දුබල වීම බවත් එය ආණ්ඩුවේ සහ රටේ නිරෝගී පැවැත්මට හිතකර දෙයක් නොවන බවත් විමල් වීරවංශ මහතා පෙන්වා දෙනවා.

එම අහිතකර තත්ත්වය වර්ධනය වීමට ඉඩ හරින්නේ කාගේ කුමන අපේක්ෂාවන් මුදුන්පත් ගැනීම සඳහා දැයි තමන්ට පැහැදිලි නැතැයි ද ඔහු සදහන් කරනවා.

විමල් වීරවංශ මහතා මෙම අදහස් පළකර තිබෙන්නේ සති අන්ත ලංකාදීප පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින්.