Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බුද්ධ ප්‍රතිමාවක් ගිනි තැබීම ගැන හමුදාව කරුණු කියයි – එය සිදුකළේ සංඝරත්නයේ උපදෙස් මතයි

කුරුවිට යුද හමුදා කදවුරේ දී බුද්ධ ප්‍රතිමාවක් ගිනි තබා විනාශ කර දැමීම සම්බන්ධයෙන් පළවන වීඩියෝව සම්බන්ධයෙන් යුද හමුදාව කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසන්නේ 2014 වසරේ වාර්ෂික වෙසක් සහ පොසොන් උත්සව සදහා ප්‍රදර්ශනය වෙනුවෙන් බට පතුරු , කඩදාසි වලින් සහ පල්ප වලින් සාදන ලද බුද්ධ ප්‍රතිමා අනුරුවක් සම්බන්ධයෙන් මෙම පුවත නිර්මාණය වී ඇති බවයි.

එය වසර ගණනාවක් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ප්‍රදර්ශනය කිරීම සදහා නොහැකි තරමටම අබලන් ව තිබෙනවා.

අනතුරුව, එය කුරුවිට කඳවුරේ තැන්පත් කර තිබී ඇති අතර ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකගේ උපදෙස් ද ලබා ගනිමින් නිසි ආගමික වත්පිළිවෙත් ද සිදු කර එම අනුරුව ඉවත් කිරීමට පියවර ගත් බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

මෙම සිදුවීම විකෘති කරමින් ඇතැම් කණ්ඩායම් කරුණු ඉදිරිපත් කරන බවද ඔහු පෙන්වා දුන්නා,

අදාළ හඬ පටය පහළින්..

About The Author