Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමති කෙහෙළිය තැටිය මාරු කරයි – සමාජ මාධ්‍ය ගැන ප්‍රකාශය විකෘති කරලලු

සමාජ මාධ්‍ය නියාමනයක් සම්බන්ධයෙන් තමා කල අදහස් දැක්වීමක් ඇතැම් පාර්ශව විසින් විකෘති කර ප්‍රචාරය කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ සමාජ මාධ්‍ය පරිශීලකයන් ලියාපදිංචි කිරීම රජයේ අරමුණ නොවන බවයි.

කෙසේ වෙතත් විදෙස් රජයන් රැසක් විසින්ද අදහස් දක්වා ඇති පරිදි ඇතැම් මහා පරිමාණ සමාගම්වල ඩිජිටල් මෙහෙයුම් හේතුවෙන් මධ්‍යම පරිමාණයේ සමාගම්වලට බලපෑම් එල්ලවන බව රඹුක්වැල්ල මහතා පෙන්වා දෙනවා.

මෙම කටයුතු හමුවේ ශ්‍රී ලංකාවෙන් විශාල මුදලක් පිටරටට ඇදී යන බවද එය අරමුණු කරගනිමින් විදේශීය ඩිජිටල් මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නන් ලියාපදිංචිය පමණක් රජයේ අරමුණ බවයි ජනමාධ්‍ය අමාත්‍යවරයා නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.

එසේ නොමැතිව සමාජ මාධ්‍ය පරිශීලකයන් හෝ ඩිජිටල් ක්‍රියාකරුවන් ලියාපදිංචියක් කිරීමට රජය තුළ අරමුණක් නොමැති බවද කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරනවා.

කෙසේ වෙතත් මෙරට තුළ සමාජජාලා භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීම සදහා රජය සූදානම් වෙමින් සිටින බව ඔහු ඊයේ දිනයේ ප්‍රකාශ කර තිබු අතර එය රජයේ මාධ්‍ය ආයතනයක් වන ස්වාධීන රූපවාහිනිය මගින්ම විකාශය කර තිබුණා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ අද වන විට රට තුල සමාජ මාධ්‍ය නියාමනය කිරීම සිදු කරන බවයි.

පුද්ගලික ⁣ගිණුම් පරිහරණය කරන්නන්ද ලියාපදිංචියට ලක් කෙරෙන බවද මෙහිදී සඳහන් වුණා.

එයට හේතුව සමාජ මාධ්‍ය තුල පුද්ගල හැසිරීම් සම්බන්ධ විෂමතාවයන් දක්නට ලැබීම බව ද එහිදී වැඩිදුරටත් ඔහු සදහන් කළා.

ඊයේ මාධ්‍යයට සිදු කළ ප්‍රකාශයට පරස්පර වෙනත් ප්‍රකාශයක් මාධ්‍ය නිවේදනයක් ලෙස අද ඔහු විසින් නිකුත් කළ අතර අද දිනයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය සහ ඊයේ දිනයේ කළ ප්‍රකාශය යන දෙකම පහළින්..