Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමති සරත් වීරසේකරගේ නොදන්නා කමට ආණ්ඩුවෙන්ම උත්තරයක්

ස්ත්‍රී දුෂණ, ළමා අපචාර වැනි චෝදනා මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ ඡායාරූප මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව පවසමින්, අභිනවයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමත්‍ය ධුරයට පත් සරත් වීරසේකර මහතා සිදු කළ ප්‍රකාශයට ආණ්ඩුව තුළින්ම විරෝධය එල්ල වී තිබෙනවා.

රජයේ පාර්ශවය නියෝජනය කරන පරිණත අමාත්‍යවරයෙකු සහ නීතිඥවරයෙකු ද වන සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසන්නේ ඇමති සරත් වීරසේකර මහතාගේ ප්‍රකාශය තුළින් පැහැදිළි වන්නේ ඔහුට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ හෝ මුලික නීතිය පිලිබඳ එතරම් වැටහීමක් නොමැති බවයි.

ඕනෑම අපරාධයක සැකකරුවෙක් අවසාන අධිකරණයෙන් වැරදිකරු යයි නිගමනය කරන තෙක් නිවැරදිකරු ලෙස පූර්ව නිගමනයක් ඇති බවත්, එම පූර්ව නිගමනය මත ඕනෑම අපරාධ නඩුවක් අධිකරණයක විභාග කරන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

සැකකරුවන් වැරදි කරුවන් ලෙස හංවඩු ගසමින් නඩුව පටන් ගතහොත් නඩුව අහන්න දෙයක් නැති බවත්, දඬුවම් දෙන්න පමණක් ඉතිරිව ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කළ විමසීමක දී ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කර තිබුණා.