අද පෙරවරු අටේ සිට නැවත දැනුම් දෙනතුරු, බස්නාහිර පළාතෙන් පිටතට යන සියල්ලන් ඇන්ටිජන් පරීක්ෂාව සදහා යොමු කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
උත්සව සමයේ, බස්නාහිර පළාතෙන් පිටතට කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනුව බස්නාහිර පළාතෙන් පිට විය හැකි ස්ථාන තුනක මෙම පරීක්ෂණ පැවැත්වේ.
නුවර කොළඹ මාර්ගයේ නිට්ටඹුව ප‍්‍රදේශයේ දී, හයිලෙවල් මාර්ගයේ කොස්ගම සාලාව ප‍්‍රදේශයේ දීත්, හලාවත කොළඹ මාර්ගයේ කටුනායක දීත් මෙසේ බස්නාහිර පළාතෙන් පිටත්ව යන මගීන් ඇන්ටිජන් පරීක්ෂාව සදහා සැලසුම් කර ඇති ස්ථානයි.
පොලිසිය සහ ප‍්‍රදේශය භාර සෞඛ්‍ය නිළධාරීන්ගේ මැදිහත් වීමෙන් මෙම කාර්ය සිදුකිරීමට නියමිත ය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට