Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සජබයට ගිය අයට එරෙහි එ​ජාප විනය පරීක්ෂණ යළිත්

සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට තරග කළ සහ එම පක්ෂයේ සාමාජිකත්වය ගන්නා ලද එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයන්ට සහ ක්‍රියාකාරීන්ට එරෙහි විනය පරීක්ෂණ යළි ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

පක්ෂයේ නීති අංශය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් කළ කරුණු දැක්වීමකින් පසු මෙම තීරණය ගෙන තිබේ. කොවිඩ් – 19 වයිරසය ව්‍යාප්තිය උග්‍රවීම හේතුවෙන් විනය පරීක්ෂණ කටයුතු නතර කළ අතර, කඩිනමින් එම පරීක්ෂණ යළි ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් නීතිඥ නිශ්ශංක නානායක්කාර පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා සමග සමගි ජන බලවේගයට එක්ව සිටින එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයේද සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිවද විනය පරීක්ෂණ ක්‍රියාත්මකය.

© උදයජීව ඒකනායකඅරුණ