Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අසරණ ශහිඩ්.

               “වික්ටෝරියා මහ රැජිනටත් වැඩිය තරහා යන කෙනෙක් තමයි සෝනම් කපූර් කියන්නේ” කියලා බොලිවුඩයේ කට කතාවක් තියෙනවා. දැනට අවුරුදු කිහිපයකට කලින් කතාවේ ඇත්ත නැත්ත හොඳින් ම ඔප්පු කර ගන්න අවස්ථාවක් සෝනම් විසින් ම රසිකයන්ට උදා කරලා දුන්නා.

ඒ දවස්වල චාන්දිඝඩි නගරයේ ශහිඩ් කපූර්ගේ “මෝසම්” චිත‍්‍රපටයේ රූගත කිරීම් සිදු වෙමින් තිබුණා. සෝනම් තමයි චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය වුණේ. දවසක් එයා උදේ පාන්දර රූගත කිරීමකට ආවා ලූ. ඒත් ඒ වෙද්දි චිත‍්‍රපට කණ්ඩායමේ කිසි ම කෙනෙක් එතනට ළඟා වෙලා තිබුණේ නැහැ. හොඳට ම තරහා ගිය සෝනම් කිහිප දෙනෙකුට ම දුරකථනයෙන් අමතන්න උත්සාහ කළත් ඒ් වැඩේ හරි ගිහිල්ලත් නෑ. කොරේ පිටට මරේ කියනවා වගේ සෝනම් මේකෙන් තවත් කෝප වුණා.

එයා කළේ එක දෙය යි. ආපහු හැරුණා, ආව විදිහට ම ගියා. ශහිඩ් කොයි තරම් උත්සහ කළත් ආයෙමත් සෝනම් ගෙන්න ගන්න නම් හැකියාවක් ලැබුණේ නැහැ. මේ සිදුවීමේ අතුරු කථාවකුත් තියෙනවා. “මෝසම්” චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ “පංකජ් කපූර්” හැම තිස්සේ ම සෝනම්ට බණිනවා ලූ වෙලාවට එන්නේ නැහැ කියලා. ඒත් එයා වෙලාවට ආව දවසේ අනිත් අය ඇවිත් හිටියේ නැහැ. කොහොම වුණත් මේ යුද්ධයෙන් බැට කන්න වුණේ අපේ අසරණ ශහිඩ්ට.

About The Author