Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සල්මාන්ගේ පරණ කතාව.

               සල්මාන්-කත‍්‍රිනා ප්‍රේම පුරාණය මේ වෙනකොට ඉතිහාසයට එකතු වෙලා ඉවරයි. කාලයක් ඒ දෙන්නා තම තමන්ගේ විරහ වේදනාවන් ගැන වෙන වෙන ම මාධ්‍යයට ප‍්‍රකාශ කරන හැටි රසිකයන්ට දැක ගන්න ලැබුණා. කත‍්‍රිනා ගැන කොහොම වුණත් සල්මන් නම් ආයෙමත් කත‍්‍රිනා එක්ක සම්බන්ධ වෙන එකක් නැහැ.

එයා දැනට ටික කාලයකට කලින් තමන්ගේ පරණ ප්‍රේම වෘත්තාන්තයක පිටු ආයෙමත් පෙරළන්න උත්සහ ගනිමින් ඉන්න බව ආරංචි වුණා. ඒ වාසනාවන්තිය “සෝමි අලි”. දෙන්නා ඒ දවස්වල තමන්ගේ විවේක කාලය ගත කළේ බැංකොක් නගරයේ සාප්පු ගානේ ඇවිදිමින් ලු. කලින් සල්මාන් එක්ක තිබුණු සම්බන්ධය බිඳ වැටුණට පස්සේ සෝමි ජනමාධ්‍ය පාඨමාලාවක් හදාරන්න ඇමරිකාවට ගියා. ඉගෙනීම ඉවර කරලා හිටිය ඇය සල්මාන්ගේ ” රෙඩී”  චිත‍්‍රපටයේ රූගත කිරීම් සිදු වන බැංකොක් නගරයේ නිතර නිතර දකින්න ලැබුණා.

මේ දෙන්නා ආයෙමත් එකතු වෙලා ද? නැත්නම් මේ සාමාන්‍ය යහළුකමක් විතර ද? කලින් සිද්ධ වුණේ ඉගෙනීම ඉවර කරන තුරු ආදරයට කොමාවක් දැමීම ද? එහෙම නම් සල්මාන් ප‍්‍රසිද්ධියේ කත‍්‍රිනා වෙනුවෙන් සිදු කළ හඬා වැළපීම්වල තේරුම මොකක් ද? දෙයියො තමයි දන්නේ. ඒ කොහොම වුණත් සෝමි අලි නම් චෝදනා කරන්නේ අයිශ්වර්යා රායිට. සෝමි කියන්නේ අයිශ් නිසා තමයි සල්මාන් තමන්ගෙන් ඈත් වුණේ කියලා. දැන් ඉතින් අයිශ් කසාද බැඳලා ළමයෙකුත් ඉන්න අම්මා කෙනෙක් නිසා දැනට නම් එයාගෙන් ආයෙ බලපෑම් ඇති වෙන බවක් පේන්න නෑ.