Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ශාරුක්ගේ පාපොච්චාරණය.

දන්නවා ද ශාරුක් ඛාන් තමන්ගේ සම්පූර්ණ ශක්තිය ම වැය කරන්නේ මොන වගේ දෙයක් වෙනුවෙන් ද කියලා?  ප‍්‍රසිද්ධිය වෙනුවෙන්. එයාට ආදරය කරන රසිකයන් නම් කියාවි මේ කතාව ශාරුක්ට මඩ ගහන්න කරන උත්සාහයක් කියලා. ඒත් එහෙම නෙවෙයි.

ශාරුක් පහුගිය දවසක තමන්ගේ කටින් ම මේ ගැන පාපොච්චාරණයක් සිදු කළා. ශාරුක් කියනවා මීට කලින් නොකිව්වට, එයා වැඩියෙන් ම කැමති කෙල්ලෝ රංචුවක් තමන්ගේ නම කිය කිය කෑ ගහ ගහ, තමන්ගේ ඇඳුම් ඉරන්න හදනවා දකින්න කියලා. ශාරුක් මෙච්චර කල් මේ තරම් දුක් විඳගෙන, බැට කාගෙන උත්සහ කළේ ඒ වගේ අවධානයක් ලබා ගන්න ලු.

පාරට අඩියක් තියෙනකොට විතරක් නෙවෙයි, ඒයා ජීවත් වෙන මහා මන්දිරයේ බැල්කනියට ආවත් ඒ වාසනාව තමන්ට ලැබිලා තියෙන බව හොඳින් ම පෙනී යන නිසා දැන් එයාට දැනෙන්නේ හරියට තමන් අහසේ පා වෙනවා වගේ ලු.  ඕනෑ ම පුද්ගලයෙකුගේ සාමාන්‍ය මානසික ස්වභාවය තමයි අවධානය ලබා ගැනීමට ඇති කැමැත්ත කියන්නේ. එහෙනම් සුප‍්‍රසිද්ධ “කිං ඛාන්”ගේ සිතිවිලිවල ඇති වරද මොකක් ද? රසිකයන් මේ ගැන කලබල විය යුතු නැහැ නේද?