Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විවේක්ට මිතුරු සුළං.

               බොලිවුඩ් නළු විවේක් ඔබ්රෝයි ගේ වැඩේ ම අනිත් අයත් එක්ක රණ්ඩු වෙන එක නේ. ඒත් දැන් ඒ ප‍්‍රශ්න නිරාකරණය කර ගන්න කාලේ හරි කියල යි රසික ජනතාවගේ නම් අදහස. විවේක් හැරුණා ම අනිත් නළුවන් ඒකට උත්සහ දරන බව පෙනෙනවා. ඉස්සෙල්ලා ම සල්මාන් ඛාන් විවේක්ට සමාව දුන්නා. දැන් අභිෂේක්.

පසුගිය දවසක ඉන්දියාවේ පැවැත්වුණු ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ දකුණු අප‍්‍රිකාව අතර පැවැත්වුණු තරඟය බලන්න ඒ දෙන්නා ම ඇවිත් හිටියා. එතන දී අභිෂේක් දැක්කා ලූ විවේක් හැමෝට ම වඩා පිටිපස්සේ තිබුණු ආසනයක වාඩි වෙලා ඉන්නවා. ඒ නිසා තමන් ළඟ හිටිය කෙනෙක් එතනට යවපු ඔහු විවේක්ට ඉස්සරහට එන්න ආරාධනා කළා. ඒත් විවේක්ට අභිෂේක්ගේ මිතුරුකමේ දෑත අල්ල ගන්න තරම් වාසනාව තිබුණේ නැහැ. එයා කිව්වා තමා මේ වෙලාවේ යහළුවොත් එක්ක ඉන්න නිසා අභිෂේක් හමු වෙන්න පස්සේ එන්නම් කියලා.

ඉස්සර නම් විවේක් මඟ හරින්න උත්සහ කළේ බච්චන් ලා. ඒත් දැන් ඒකේ අනිත් පැත්ත. ඒත් බච්චන්ලා මේ චෝදනාව තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. ඇත්ත මොකක් ද? බොරුව මොකක් ද? කියලා හරියට ම දන්නේ ඒ දෙ ගොල්ලෝ ම තමයිි. අපි නම් දන්නේ මේ වෙනකොට බොලිවුඩයට මිතුරු සුළඟ හමන්න පටන් අරගෙන කියන එක විතරයි.