Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අනවශ්‍ය ප්‍රශ්න එපා , ජාත්‍යන්තර නිර්දේශ පිළිපදින්න – මුස්ලිම් ජාතිකයන්ගේ කොරෝනා මරණ ගැන බාකිර් මාකර් කතා කරයි

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න අමතක කරමින්, ආණ්ඩුව විසින් වෙනත් ප්‍රශ්න නිර්මාණය කොට  ජනතාවගේ සංවේදී අවධානයන් වෙනතකට යොමු කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ඉම්ටියාස් බාකීර් මාකර් මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ කොරෝනා හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ගේ සිරුරු සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඒ සම්බන්ධ පිළිගත් විද්වතුන්ගේ අදහස අනුව කටයුතු කිරීම වෙනුවට විවිධ මාතෘකා නිර්මාණය කරමින් ජනතාව අතර ගැටුම් නිර්මාණය කිරීමට  ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවයි.

බලය ලබා ගැනීමේ දී මෙන්ම, බලය පවත්වාගෙන යාමේදී ද  ආණ්ඩුව විසින් ජාතිවාදය, ආගම්වාදය, බෙදුම්වාදය වැනි මාතෘකා කරලියට ගෙන එමින්  රටේ ජනතාවට සැබෑ ප්‍රශ්න අමතක කර දමමින් කටයුතු කරන බව පෙන්වා දෙන බාකීර් මාකර් මහතා ආණ්ඩුවවේ මෙම හැසිරීම රටේ ඉදිරි පැවැත්මට කිසිසේත් සුබදායි නොවන බව ද අවධාරණය කරනවා.

මහර බන්ධනාගාර වෙඩි තැබීමේදී උසාවියේ සහ බන්ධනාගාරයේ වරදින් ඇප කොන්දේසි සපුරා සිටි රැඳවියෙකුත් ඝාතනය වෙලා

පසුගිය නොවැම්බර් 25 වන දා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ විසින් ඇප නියම කරන ලදුව ඇප කොන්දේසි සපුරා සිටි රැඳවියෙකු ද බන්ධනාගාර නිලධාරීන්ගේ වරදින් නිදහස් කිරීමට පියවර නොගැනීම හේතුවෙන් බන්ධනාගාර ගැටුමට මැදිව මිය ගොස් ඇති බව ඉමිටියාස් බාකීර් මාකාර් මහතා පෙන්වා දුන්නා.

පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් ඔහු සඳහන් කළේ ඇප කොන්දේසි සපුරා නිදහස් කළ එම පුද්ගලයාගේ ජීවිතය අහිමි වීම සම්බන්ධයෙන් වන වගකීම ද ආණ්ඩුව විසින් ගත යුතු බවයි. 

තම හිතවතෙකුට , දරුවෙකුට මෙවැනි තත්වයක් ඇති වුවහොත් කුමක් දැනේවිද යනුවෙන් ද ප්‍රශ්න කළ බකීර් මාකර් මහතා මෙවැනි අවාසනාවන්ත සිදුවීම් හරහා ප්‍රජාතන්ත්‍රවාදී සහ ජනතාවට සංවේදී පාලනයක් මෙරට තුළ නොමැතිය යන අදහස තහවුරු වන බවද පෙන්වා දුන්නා.

සමගි ජන බලවේගය පක්ෂ මුලස්ථානයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ බකීර් මාකර් මහතා ඒකාධිපති සහ අධිපතිවාදී අයුරින් සහ උමතු ලෙසින් කටයුතු කරන මෙම ආණ්ඩුව දිගින් දිගටම එලෙසින්ම ක්‍රියා කළහොත් නුදුරේදීම බලාපොරොත්තු නොවන දඩුවම් වලටද යටත් වීමට සිදුවනු ඇති බවට අනතුරු ඇඟවීමක් ද සිදු කරනු ලැබුවා.

අදාළ වීඩියෝව පහළින්..