Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සජබේ බලය ඇල්ලීමට පාඨලී සැරසෙයි – තිස්සට ඇතුලේ විරෝධයක්

පාඨලී චම්පික රණවක ඇතුළු කණ්ඩායම සමගි ජන බලවේගය පක්‍ෂයේ බලය ඇල්ලීමේ සූක්‍ෂම මෙහෙයුමක් දියත් කරමින් සිටින බව සජබයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇති බව රාවය පුවත්පත වාර්තා කර තිබෙනවා.

චම්පික රණවක මන්තී‍්‍රවරයාගේ එම උත්සාහය සදහා සජබ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක යන අයගේ සහයද ලැබෙමින් පවතින බවටයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

සජබයේ නව ව්‍යවස්ථාවක් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එහිදී එම ව්‍යවස්ථාවේ ඇතුලත් උප සභාපති ධූරය සදහා පත්වීමට පාඨලී චම්පික මන්ත්‍රීවරයාගේ සූදානමක් තිබෙන බවද රාවය වාර්තාවෙහි වැඩිදුරටත් සදහන්.

මෙම ව්‍යවස්ථාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංගවලින් හෙබි එකක් විය යුතු බවට එජාපයෙන් ඉවත්වූ තරුණ මන්තී‍්‍රවරුන් ඇතුළුව සජබය සමග එකතු වූ වෙනත් පක්‍ෂවල සාමාජිකයන්ගේ අදහස වී ඇති බවයි.

මේ පිළිබදව සජබයේ ඉහළ පෙළේ කි‍්‍රයාකාරිකයකු වන මන්තී‍්‍රවරයකුගෙන් රාවය සිදු කළ විමසීමකදී ඔහුගේ අදහස වී ඇත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චම්පික රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව සජබයට පැමිණීම තුල පක්‍ෂ නායකත්වය පිළිබදව තවමත් ගැටළුවක් ඇතිවී නැති බවය.

එහෙත් සිය පක්‍ෂයේ මන්තී‍්‍රවරයකු වන තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයාගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන්නම් ගැටළුවක් මතුව ඇති බවද අදාළ තරුණ මන්ත්‍රීවරයා රාවයට පවසා තිබෙනවා.

© මුලාශ්‍රය – රාවය පුවත්පත