Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

Online අධ්‍යාපනයෙන් දරුවන් ලෙඩවෙයි – ඇස් පෙනීමේ දුර්වලතා

මේ දිනවල පාසල් දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගන්නා on line තාක්ෂණයට අදාළ මෙවලම් වල බලපෑම හේතුවෙන් දරුවන් රැසකට විවිධ සංකුලතා සහ ආබාධ තත්වයන් මතුව ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම අක්ෂි ආබාධ ඇති වීමේ වැඩි ඉඩ කඩක් ඇතිව තිබෙනවා.

ඉන් එක් ආබාධයක් computer vision syndrome ලෙස වෛද්‍යවරුන් විසින් හදුන්වාදෙනවා.

එම තත්වයෙන් වැළකී සිටීම සඳහා පහත සදහන් ප්‍රතිකර්මද වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබෙනවා.

  1. පරිගණක භාවිතයෙන් පැය 2 කට පසු අවම වශයෙන් විනාඩි 15 ක් වත් ඔබේ ඇස් විවේක ගන්වන්න
  2. සෑම විනාඩි 20 කට වරක් අවම වශයෙන් තත්පර 20 ක්වත් පරිගණකයෙන් ඈත්ව දුර දෙස බලන්න.
  3. ඔබේ පරිගණක තිරයේ අකුරු විශාල කරන්න.
  4. අසල ඇති ආලෝක ප්‍රභවයන්ගෙන් දිලිසීම අඩු කරන්න.
  5. තිර දිදුලන පෙරණයක් භාවිතා කරන්න.
  6. පැතලි තිර මොනිටරයක් භාවිතා කරන්න.
  7. ඔබේ ඇස අඟල් 20 සිට 28 දක්වා වන පරිදි ඔබේ තිරය ස්ථානගත කරන්න.
  8. හොදින් ජලය පානය කරන්න.