විමල් වීරවංශ යනු පෙරහැර එන බව ජනතාවට දැනුම් දුන් හේවිසි කාරයෙකු හෝ කසකාරයෙකු මෙන් චරිතයක් පමණක් බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.
ඔහු යොදා ගත්තේ එම රාජකාරියට පමණක් බවත් ඒ අනුව ඔහුට වෙනත් පක්ෂවල නායකයන් තීරණය කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත් පෙන්වා දෙන ලොකුගේ මහතා පොදුජන පෙරමුණේ නායකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිය යුතු බවට විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය දැඩිව විවේචනය කළා.
කථිකයන්ට නායකයන් තීරණය කල නොහැකි බවත් මහින්ද යනු මේ රටේ නායකත්ව සාධකය බවත් ගාමිණී ලොකුගේ මහතා මෙහිදී පෙන්වා දුන්නා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි