2022 දෙසැම්බර් 1

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විමල්, මහින්දගේ කරේ එල්ලිලා ආපු හේවිසිකාරයෙක් ! – ලොකුගේ, විමල්ගේ පතුරු ගලවයි

විමල් වීරවංශ යනු පෙරහැර එන බව ජනතාවට දැනුම් දුන් හේවිසි කාරයෙකු හෝ කසකාරයෙකු මෙන් චරිතයක් පමණක් බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

ඔහු යොදා ගත්තේ එම රාජකාරියට පමණක් බවත් ඒ අනුව ඔහුට වෙනත් පක්ෂවල නායකයන් තීරණය කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත් පෙන්වා දෙන ලොකුගේ මහතා පොදුජන පෙරමුණේ නායකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිය යුතු බවට විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය දැඩිව විවේචනය කළා.

කථිකයන්ට නායකයන් තීරණය කල නොහැකි බවත් මහින්ද යනු මේ රටේ නායකත්ව සාධකය බවත් ගාමිණී ලොකුගේ මහතා මෙහිදී පෙන්වා දුන්නා.