Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මුස්ලිම් නීතිය පමණක් වෙනස් කර එක රටක් එක නීතියක් ඉල්ලු රත්න හිමිට අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් පැහැදිලි පිළිතුරක්

එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාවට නැංවිය යුතු බව පවසමින් මුස්ලිම් නීති පමණක් වෙනස් කළ යුතු බව පවසමින් ජාතින් අතර විරසක නිර්මාණය කිරීමට කටයුතු නොකරන ලෙස අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා ඉල්ලීමක් කරනවා.

ඒ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රත්න හිමි එක රටක් එක නීතියක් පිළිබඳ නැගු පැනයකට පිළිතුරු ලබා දෙමින්.

මෙහිදී ඉතා පැහැදිලි පිළිතුරක් ලබා දුන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ශ්‍රී ලංකාව තුල දැනට පුද්ගලික නීතීන් රැසක් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන්නා.

උඩරට විවාහ දික්කසාදා නීතිය, උඩරට අනුප්‍රාප්ත නීතිය , යාපනය විවාහ අයිතිවාසිකම් සහ අනුප්‍රාප්ත නීතිය , තේසවලාමේ නීතිය, මුස්ලිම් විවාහ දික්කසාද පනත , මුස්ලිම් අනුප්‍රාප්ත නීතිය, බෞද්ධ විහාර දේවාලගම් පනත , හින්දු විවාහ සහ අනුප්‍රාප්ත පනත, මුස්ලිම් බහු පනත . Church of Sri Lanka පනත වැනි පුද්ගලික පනත් සහ නීති රැසක් ඇති බවද පෙන්වා දුන්නා.

එක රටක් එක නීතියක් නම් මෙම සියලු නීති සංශෝධනය විය යුතු බව සඳහන් කළ අලි සබ්රි මහතා මාධ්‍යට හඬපට ලබා දෙමින්, ජාතීන් අතර විරසක් නිර්මාණය කරමින් කටයුතු කිරීමට ඇතැමුන් දරන උත්සාහය පිළිබඳ කනගාටු වන බවද සඳහන් කළා,

එමෙන්ම මුස්ලිම් නීතිය යටතේ බාලවයස්කාර දරුවන් විවාහ කරවන බවට එල්ලවන චෝදනාව ද ප්‍රතික්ෂේප කල අධිකරණ අමාත්‍යවරයා එහිදී සිදුවන්නේ දරුවාගේ කැමැත්ත ලබා ගෙන පිය විසින් අත්සන් කිරීම බවද පැවසුවා.

අවශ්‍ය නම් එහි වෙනසක් කිරීම පිළිබඳ සාකච්ඡාවට ගත හැකි බවද සඳහන් කළා.