අවුරුදු තුනෙන් සංවර්ධනය ගේන එක කජ්ජක් නෙමෙයි : ගොවියන්ට පොහොර නිකන් දුන් බවත් කියයි
තම පාලන වසර දෙකක කාලයේ කිසිදු ණයක් නොගත් බවත් නැවත කියයි
හැටනම ලක්ෂයක ජනතාව තමන්ට පක්ෂව ඡන්දය ලබා දුන්නද තවත් ලක්ෂ පනස් දෙකක් තමන්ට විරුද්ධව ඡන්දය ලබාදුන් බව අමතක නොකළ යුතු යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඒ අනුව සෑම මොහොතකම ඔවුන් තමන්ට විරුද්ධව සමාජය තුළ විවේචන සහ බොරු ප්‍රචාර පතුරුවා හරිමින් සිටින බව ද සඳහන් කළා.
මෙම තත්වය අවබෝධ කරගනිමින් කටයුතු කළ යුතු බව ද සඳහන් කළා.
ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ ගොවීන්ට නොමිලේ පොහොර ලබා දුන් එකම රජය තම රජය බවයි.
එමෙන්ම රුපියල් 25 ට පැවති වී කිලෝවක් මිල රුපියල් 50 දක්වා සහතික මිලකට ගෙන ආ බවත් මේ වන විට එය රුපියල් 95 දක්වා ඉහල දමා ගොවීන් රැක ගැනීමට කටයුතු කර ඇති අයුරුද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
තමන් වසර පහක් තුළ කිරීමට පොරොන්දු වූ සියල්ල වසර තුනක් තුළ සිදුකරන බව සපථ කිරීමද විශේෂත්වයක්.
ගොවි පවුලකින් පැවත එන නායකයෙකු ලෙස සැම විට ම ගොවියා රැකගැනීමට ප්‍රමුඛතාවය ගෙන ක්‍රියා කරන බවත්
තමා බලයට පැමිණි අවස්ථාවේ පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන් අමතක නො කරන බවත් ඔවුන්ට නැවතත් වගා සංග්‍රාමයකට එකතු වීමට ආරාධනා කරන බවත් ජනාධිපවරයා මෙහිදී සඳහන් කළා.
තමන්ට මාධ්‍ය සමඟ තරගයක් නොමැති බවත් සියලු දෙනා රටේ සංවර්ධනයේ පාර්ශ්වකරුවන් වන්නේ නම් එය ඉතා වැදගත් බවත් සිහිපත් කළා.
එමෙන්ම බොරු ප්‍රචාරයන්ගෙන් අධෛර්යමත් නොවී රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට එක් වන ලෙස සියලු ම මහජන නියෝජිතයන්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ – නුවර යා කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්.
කිලෝමීටර් 40.91කින් යුත් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන “ඇතුගල්පුර පිවිසුම” මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල හා යග්ගපිටිය යන අන්තර් හුවමාරු 05කින් සමන්විත ය. මෙහි ඉදිකිරීම් සඳහා රජය වැය කළ මුදල රුපියල් බිලියන 149කි. සියලු ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් විසින් සිදු කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි