Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තග දාන්න එන්න එපා : ඕගොල්ලෝ ගෝඨාභයගේ බුද්ධි අංශෙ නෙමෙයි : හඳුන්නෙත්ති බුද්ධි අංශ අමතයි

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ටත් චෝදනා

ප්‍රජාතන්ත්‍රවාදීව ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු ගම් මට්ටමින් සිදු කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පන්සල්වලට බුද්ධි අංශ එවා භික්ෂුන් වහන්සේට තග දැමීමෙන් වලකින ලෙස තමන් ගෝඨාභය රාජපක්ෂට සහ දේශබන්දු තෙන්නකෝන්ට පවසන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල්දේ හඳුන්නෙත්ති මහතා පවසනවා.

යම් ගැටලුවක් ඇත්නම් ගෝඨාභය රාජපක්ෂ ලඟ තිබෙන තමාගේ දුරකතන අංකයට කතා කරන ලෙසත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඳහන් කළේ පසුගිය 13 වැනිදා කොට්ටාව ලියනගොඩ ප්‍රදේශයේ පැවති ජාතික ජනබලවේගයේ ශාඛා සභාව පිහිට වූ අවස්ථාවේදීයි.

එම රැස්වීම පැවැත්වූ විහාරස්ථානයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවස්ථා හතරකදී පැමිණ එම රැස්වීම නතර කරන ලෙස බලපෑම් කර ඇති බවද සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී හෙළි කළා.

ප්‍රජාතන්ත්‍රවාදය තවමත් රට තුළ ක්‍රියාත්මක බවත් ඒ මග නොමැතිව වෙනත් මගක යන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාටද දැඩි ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවට අනතුරු ඇඟවීමක්ද හඳුන්නෙත්ති මහතා විසින් මෙහිදී සිදු කළා.

මෙහිදී උත්සව සභාවේ රැඳී සිටී බුද්ධි අංශ නිලධාරීන් කරගනිමින් අදහස් පළ කිරීම විශේෂත්වයක්.