Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ශ‍්‍රී ලංකාව චීනයෙන් සහ ඉන්දියාවෙන් ණය අයැදී

ඉන්ධන සහ ඖෂධ ගන්න මුදල් නෑ

චීනයෙන් ණය ඉල්ලයි

චීනයේ පිහිටා ඇති ජාත්‍යන්තර යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ශ‍්‍රී ලංකාව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ඉල්ලා ඇති බව වාර්තාවනවා.

මෙම ණය මුදල අයදුම් කර ඇත්තේ ශ්‍රී ලංකවේ හරිත සංවර්ධන කටයුතු සඳහා යයි පවසමින්.

2016 වසරේදී මෙම බැංකුව පිහිටුවා ඇති අතර ශ්‍රී ලංකාව එහි ආරමභක සාමාජිකයෙකු බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකාව ඉල්ලා ඇති ණය මුදල ලබා දීමට මේ දක්වා ඔවුන් එකඟත්වය පල කර නැති බවද වාර්තාවනවා.

ඉන්දියාවෙන් ණය ඉල්ලයි

ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන එක හමාරක ණය මුදලක් ඉල්ලා ඇති බවද වාර්තාවනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ණය මුදල ඉන්ධන, ඖෂධ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති බවයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා අතර සිදුව ඇති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම සිදු කර ඇති බවද සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීම සඳහා ඉන්දියාව විසින් ලබා දීමට එකඟ වී ඇති ඩොලර් මිලියන 500 සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කර ඇතැයිද වාර්තාවනවා.