පාර්ලිමේන්තුවේ පලවෙනි සැසිවාරය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා චාම් ලෙස තම නිල මෝටර් රථය පමණක් යොදා ගනිමින් පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳ බොහෝ දෙනාගේ ප්‍රසාදය පළ වී තිබුණා. ආචාර පෙළපාලි සහ රථවාහන පෙළපාලි සහ රථවාහන පෙළපාලි නොමැතිව චාම් ලෙස පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා ජය මංගල ගාථා සජ්ඣායනා මැද පාර්ලිමේන්තු සභා ගැබට ප්‍රවිෂ්ට වුණා. චාම් සහ සරළ ලෙසින් කටයුතු කරන මහජන නියෝජිතයින් පිළිබඳව සමාජය තුළ විශාල ප්‍රසාදයක් නිර්මාණය වී ඇති වටපිටාවක් තුලයි ජනාධිපතිවරයා මෙලෙස පාර්ලිමේන්තුවට පැමිණියේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ගේ මෙම පැමිණීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයකු වන නුවන් නිරෝධ අල්විස් මහතා තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණා.
“ මීටර 800කට රෙස්පෙක්ට් කියන බයියනි, දෙල්කද ඉදන් ස ත් එක්ක ආව වාහන ජයන්තිපුරේ නවත්තලා එතන පොඩි කඩවලින් ඒ කොල්ලො ටික ප්ලේන්ටියයි වඩේ එකයි කාපු එකටත් රෙස්පෙක්ට් කරාන්.
පාර්ලිමේන්තු කැන්ටිමෙන් උන්ට කන්න තිබ්බ චාන්ස් එකනේ ස නැතිකලේ “ යනුවෙන් එහි සඳහන් කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක
රාජ්‍ය සේවයේ ගෙවීම් DIGITAL වේදිකාවකට මාරු කෙරේ
ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්